මුස්ලිම් පල්ලියකට හානි? පොලිසිය හමුදාව කැදවයි

Report

තිරප්පනේ, මුරියාකඩවල, බමුණුගම ගම්මානයේ, පල්ලියකට හානි කර මාර්ගයක් ඉදිකිරීමට යන බවට පැතිර ගිය කටකතාවක් හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.

හරක් කටාට දරුණු ලෙඩක් - කොළඹ ජාතික රෝහලට

හරක් කටාට දරුණු ලෙඩක් - කොළඹ ජාතික රෝහලට

මෙනිසා මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය කැඳවීමට සිදු විය.

මෙම තත්වය හටගත්තේ, බමුණුගම මුස්ලිම් ගම්මානයේ පිහිටි මුස්ලිම් පල්ලියක් කඩා, ගම්මානයේ නිවාස රැසකට පිවිසීමට මාර්ගයක් සකසන බවට, පිරිසක් විසින් සිදුකල නිසයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

කෙසේ වෙතත්, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන්, ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු නිලධාරීන් සහ ගැටුමට සම්බන්ධ පාර්ශව දෙක සාකච්ඡා කර ගැටලුව සමථයකට පත් කර තිබේ.

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම්වරිය, ප්‍රධාන ඉඩම් නිලධාරියා, තිරප්පනේ ප්‍රාදේශීය සභා ලේකම්වරයා, වසම භාර ග්‍රාම නිලධාරිනිය සහ කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ සහභාගීත්වයෙන් ගම්වාසීන්ට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව අදාළ මාර්ගය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

මෙන්න වැඩක් - කසාදෙට කලින් ගෑණු ළමයින්ට වෛද්‍ය පරීක්ෂණ ගැනීම අනිවාර්යයි?

මෙන්න වැඩක් - කසාදෙට කලින් ගෑණු ළමයින්ට වෛද්‍ය පරීක්ෂණ ගැනීම අනිවාර්යයි?

තත්ත්වය පාලනය කිරීම සඳහා මොරගොඩ, තිරප්පනේ, අනුරාධපුර, සිවලාකුලම, කැකිරාව, මරදන්කඩවල ඇතුළු පොලිස් ස්ථාන රැසක නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බමුණුගම ගම්මානයට කැඳවා තිබින.