දිවයිනටම විදුලිය නැති වුණේ මෙන්න මේ නිසයි - නොරොච්චෝලේ එකපාරටම වුණු දේ ගැන බලශක්ති අමාත්‍යාංශයෙන් පැහැදිළි කිරීමක්

Report

පසුගිය 17 වන දින පෙරවරු 11.43ට දිවයිනටම විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශය මගින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද  විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තිබේ .

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 1 වන ජනන යන්ත්‍රයේ මෙගාවොට් 187ක පැවති ධාරිතාව ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5කට වඩා අඩු අගයකට පහළ බැසීම මෙම හදිසි විදුලි බිඳවැටීමට සෘජුවම බලපා ඇති බව මෙහිදී අදහස් දැක්වූ ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

 විදුලි පද්ධතියේ පාලනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සංඛ්‍යාතය (Frequency) මත බව පෙන්වා දුන් ඒ මහතා, සාමාන්‍යයෙන් පද්ධතිය 50.5 සහ 49.5 අතර සංඛ්‍යාත පරාසයක් තුළ මෙහෙයවන නමුත්, අදාළ අවස්ථාවේදී ඇති වූ හදිසි තත්ත්වය නිසා ඉතා කෙටි කාලයකින් සංඛ්‍යාතය බිඳවැටී සමස්ත ලංකා විදුලි පද්ධතියම කඩා වැටුණු බව තව දුරටත් පැහැදිළි කර ඇත

බලශක්ති අමාත්‍යංශයෙන් අද විශේෂ මාධ්‍ය හමුවක් - හේතුව මෙන්න

බලශක්ති අමාත්‍යංශයෙන් අද විශේෂ මාධ්‍ය හමුවක් - හේතුව මෙන්න

රුපියල තවත් සුළු වශයෙන් අවප්‍රමාණය වෙයි - අද ප්‍රධාන බැංකුවල ඩොලරයේ මිල ගණන් මෙන්න

රුපියල තවත් සුළු වශයෙන් අවප්‍රමාණය වෙයි - අද ප්‍රධාන බැංකුවල ඩොලරයේ මිල ගණන් මෙන්න