EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

employee provident fund Latest Headlines Sinhala news Breaking News Mahinda Jayasinghe
By Kaushi Jul 04, 2025 03:26 PM GMT
Kaushi

Kaushi

Report

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා විසින් යෝජිත නව කම්කරු පනත ගෙන එනු ලබන්නේ සියලු පාර්ශ්වයන්වල එකඟතාවෙන් පමණක් බවට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ඔහු නව පනත වෙනුවෙන් යෝජනා සකස් කිරීමට විෂයය ප්‍රාමාණිකයින්ගෙන් සමන්විත කමිටුවක්ද පත්කර තිබෙන බව පවසා ඇත.

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන්ට ඩුබායි සිට මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන්ට ඩුබායි සිට මරණ තර්ජන

මෙහිදී කුමක් වුවද පසුගිය ආණ්ඩුව සකස් කළ පනත නැවත ගෙන ඒමට කිසිසේත් ක්‍රියා නොකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කම්කරු දෙපාර්තමේන්තුවේ පැවැති ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව කියා ඇත.

මේ අතර සභා රැස්වීමේදි තවත් බොහෝ කරුණු සාකච්ඡාව කර ඇති අතර එහිදී සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

මෙහිදී සේවක අර්ථසාධක අරමුදල පාලනය සහ කළමනාකරණය පොදු වේදිකාවක් මතට ගෙන ඒම මඟින් අරමුදල තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම සාමාජිකයින්ට ප්‍රතිලාභ ගෙවීම වඩා කාර්යක්ෂම කිරීම පිළිබඳව ද අදහස් සහ යෝජනා ඉදිරිපත් වී ඇති බව සඳහන්.

පාර්ලිමේන්තුවේ කථානායකට සපයා ඇති පහසුකම් ගැන මහ ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්

පාර්ලිමේන්තුවේ කථානායකට සපයා ඇති පහසුකම් ගැන මහ ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්

තවද වතු කම්කරුවන් කම්කරු නීතිවලට ඇතුළත් කර ගැනීම, ජාතික අවම වැටුප ගෙවීම මෙතෙක් ආරම්භ නොකළ ආයතන සහ අපනයන වෙළෙඳපොල ශ්‍රමිකයින් සම්බන්ධයෙන්ද මෙම සභා රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.  

ඉන්ධන මිලට සූදානමෙන් සිටින්න – අවශ්‍ය පරිදි වෙනස් කරනවා

ඉන්ධන මිලට සූදානමෙන් සිටින්න – අවශ්‍ය පරිදි වෙනස් කරනවා

ReeCha