නොකළොත් දඬ කන්න වෙයි - සුනඛයින් වෙනුවෙන් විශේෂ නීතියක් - සුනඛ අයිතිකරුවන්ට විශේෂ ගැසට් පත්‍රයක් ඉදිරියේදී

Report

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් ජල භීතිකා රෝගය තුරන් කිරීම හා සුනඛයින් ලියාපදිංචි කිරීම සදහා නව පනත් කෙටුම්පතක් හදුන්වාදීමට පියවර ගෙන ඇත.

එම පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව සුනඛයින් එන්නත් කිරීම, සුනඛ ගහණය පාලනය කිරීම සහ සුනඛයින් වාණිජ අරමුණු සදහා අභිජනනය කිරීම, නියාමනය කිරීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත හදුන්වාදී තිබේ.

වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම්දීමක් - වාහනයක් අරන් අංක තහඩුවක් නැතිව ඉන්න අයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් උත්තර දෙයි

වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම්දීමක් - වාහනයක් අරන් අංක තහඩුවක් නැතිව ඉන්න අයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් උත්තර දෙයි

ඒ අනුව මෙම පනත් කෙටුම්පත මගින් පරිපාලන සීමාව තුළ සිටින සෑම සුනඛයෙකුම වාර්ෂිකව ජල භීතිකා රෝගයට එන්නත් කළ යුතු බව සහ ලියාපදිංචි කළ යුතු බව සෑම පළාත් පාලන ආයතනයක් විසින්ම සිදුකළ යුතු බවට නියෝග ලබාදී ඇත.

මෙම පනත් කෙටුම්පතේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ වයස සති 06කට වැඩි සුනඛයෙකුගේ අයිතිකරු හෝ එවැනි සුනඛයෙකු සිය භාරයේ තබා ගන්නා යම් තැනැත්තෙකු විසින් එම සුනඛයා ජල භීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීම හා වාර්ෂිකව අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීම සිදුකළ යුතු බවයි.

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

සුනඛයා එන්නත් කර එන්නත් කිරීමේ සහතිකය නිකුත් කිරීමෙන් පසුව එම සුනඛයා සඳහා නියම කරනු ලද ගාස්තුවක් ගෙවීමෙන් පසු පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතු අතර එහිදි සුනඛයා සදහා ලියාපදිංචි කිරීමේ සහතිකයක් නිකුත් කිරීම සිදු කිරීමට නියමිතය.

සුනඛයින් ලියාපදිංචි කිරීම සිදු නොකරන්නේ නම් ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් ගෙවීමට ද මෙම පනත් කෙටුම්පත මගින් නියෝග කර තිබේ.

ව්‍යාජ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ජාවාරමක් - බලපත්‍ර ගන්න ඉන්න අයගේ සහ රියදුරන්ගේ අවධානයට

ව්‍යාජ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ජාවාරමක් - බලපත්‍ර ගන්න ඉන්න අයගේ සහ රියදුරන්ගේ අවධානයට

සෑම පළාත් පාලන ආයතනයක්ම සිය පාලන බල ප්‍රදේශය තුළ සිටින ආයාලයේ යන සියලු සුනඛයින් වන්ද්‍යාකරනය කිරීමට හෝ පුමංගහරණය කිරීමට පියවර ගත යුතු බව එම පනත් කෙටුම්පතේ සදහන් වේ.

මීට අමතරව යම් සුනඛ අභිජනන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන්නේ නම් ඒ සදහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්යය වන අතර එලෙස බලපත්‍රයක් නොමැති කිසිදු පුද්ගලයෙකුට සුනඛ පැටවුන් විකිණීමේ කාර්යය සදහා අවසර ලබා නොදීමට ද මෙමගින් යෝජනා කර ඇත.

මේ රාජ්‍ය අංශය වැඩ වර්ජනයකට සූදානම් - විශේෂ සාකච්ඡාවක් අද

මේ රාජ්‍ය අංශය වැඩ වර්ජනයකට සූදානම් - විශේෂ සාකච්ඡාවක් අද