ව්‍යාජ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ජාවාරමක් - බලපත්‍ර ගන්න ඉන්න අයගේ සහ රියදුරන්ගේ අවධානයට

Report

ව්‍යාජ රියදුරු බලපත්‍ර නිෂ්පාදනය කර අලෙවි කළ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ එම ව්‍යාජ රියදුරු බලපත්‍ර පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

මෙම නීතිවිරෝධී ජාලය බොරලැස්ගමුව, වේරහැර ප්‍රදේශයේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආසන්නයේ ක්‍රියාත්මක වී තිබේ.

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

පොලිසිය පවසන පරිදි, ඔවුන් මෙම බලපත්‍ර රුපියල් 40,000 සිට 45,000 දක්වා මුදලකට අලෙවි කර ඇත. ලැබුණු රහසිගත තොරතුරක් මත ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව, එක් සැකකරුවෙකු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රථ ගාල අසලදීත්, අනෙකා වේරහැර පිහිටි රියදුරු පුහුණු ආයතනයකදීත් අත්අඩංගුවට ගෙන ඇත.

රජයේ රියදුරු සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ - විභාග දෙපාර්තමේන්තුව හරහා පොදු විභාගයක්

රජයේ රියදුරු සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ - විභාග දෙපාර්තමේන්තුව හරහා පොදු විභාගයක්

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 35 සහ 43 යන වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් පිළිවෙලින් තුම්මලසූරිය, යටම්වෙල සහ බොරලැස්ගමුව, කටුවාවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. එබැවින් රියදුරු බලපත්‍ර ලබා ගැනීමට සිටින පුද්ගලයන් ව්‍යාජ රියදුරු බලපත්‍ර නිෂ්පාදනය කර අලෙවි කරන මෙවැනි සංවිධාන ගැන අවදානයෙන් සිටීම අත්‍යාවශ්‍ය වේ.

කොළඹ ඇති නිවාස සංකීර්ණ ගැන තිත්ත ඇත්තක් එළියට - නිවාස සංවර්ධන අධිකාරිය හෙළි කරයි

කොළඹ ඇති නිවාස සංකීර්ණ ගැන තිත්ත ඇත්තක් එළියට - නිවාස සංවර්ධන අධිකාරිය හෙළි කරයි