Facebook ,Instagram පාවිච්චි කරාද ? එහෙනම් පොටෝ ඔක්කොම ලීක් වෙයි ගැලරියේ තිබ්බ පොටෝත් එළියට

Facebook Instagram Meta Latest Headlines Sinhala news
By Ashfa Jun 29, 2025 11:34 AM GMT
Ashfa

Ashfa

Report

Meta සමාගමේ AI අංශය වන Meta AI විසින් Facebook භාවිතාකරුවන්ගේ ජංගම දුරකථනවල ඇති ඡායාරූප “Cloud Processing” නමින් පරිගණක ක්‍රියාවලියකට ලක් කරමින්, ඒවා සම්පූර්ණයෙන්ම ස්කෑන් කර Meta cloud එකට ගබඩා කරන බවට ආන්දෝලනාත්මක වාර්තාවක් ඉදිරියට පැමිණ තිබේ.

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

මෙම ක්‍රියාමාර්ගය සඳහා භාවිතාකරුවන්ගේ අවසරය අවශ්‍ය වූවත්, ඔවුන් Facebook හෝ Instagram තුළ උඩුගත නොකළ ඡායාරූප වුවද Meta AI විසින් පිවිසුම් ලබාගනිමින් අධ්‍යයනයට භාවිතා කරන බවද වාර්තා වේ.

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

"ශිරන්තිව අත්අඩංගුවට ගන්න එපා කියලා අනුරට කියන්නකෝ " - රජකම් කළත් කළකම් පලදුන්නු මහින්දගේ කන්නලව්ව

එමඟින්, පෞද්ගලිකත්වයට දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව වෘත්තීයවේදීන් අවධාරණය කරති. Meta පවසන්නේ, මෙම පහසුකම භාවිතා කිරීම සම්පූර්ණයෙන්ම භාවිතාකරුවකුගේ තේරීමක් වන අතර, ඕනෑම අවස්ථාවක එය අක්‍රිය කළ හැකි බවයි.

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා

මෙන්න කෙහෙළියගේ තවත් හොර වැඩක් ගත්තේ නැති බෙන්ස් එකට රජයෙන් සල්ලි ගසාකාලා

එසේ කළහොත්, කලින් ක්ලවුඩ් එකට ගබඩා වූ ඡායාරූප 30 දිනක් ඇතුළත මකා දැමෙනු ඇතැයිද සමාගම නිවේදනය කර තිබේ. නමුත්, පසුගිය 2007 වසරේ සිට Facebook සහ Instagram භාවිතා කළ වැඩිහිටි භාවිතාකරුවන්ගේ දත්ත AI ආදර්ශයන් සඳහා භාවිතා කර ඇති බව Meta පෙර වරක්ද පිළිගෙන තිබුණි.

එහෙත් එය පිළිබඳව පැහැදිලි අරවුලක් තිබුණි.

Meta පවසන්නේ, මේ මොහොතේදී තම AI චැට්බොට් සඳහා මෙම ඡායාරූප භාවිතා නොකරන බවත්, ඉදිරියේදී ඒ සඳහා භාවිතා කරනු ඇතදැයි තවමත් නිශ්චිත පිළිතුරක් ලබා නොදෙන බවත්ය.

ඒ අනුව, පෞද්ගලිකතාවය රැකීම සඳහා භාවිතාකරුවන් Meta සමාජජාල භාවිතයේදී විශේෂ අවධානයක් යොමු කළ යුතු වීමයි වර්තමාන අවධියේ වැදගත්ම යෝජනාව.

ReeCha