නිශාන්ත වික්‍රමසිංහගේ අත්අඩංගුවත් බුකිය කැළඹූ ශිරන්තිගේ ‘සිරිලිය’ ගිණුමත්

Sri Lanka Police Mahinda Rajapaksa Shiranthi Rajapaksa Latest Headlines Sinhala news
By Ashfa Jun 28, 2025 08:46 AM GMT
Ashfa

Ashfa

Report

අල්ලස් චෝදනාවකට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ලබන ජූලි 1 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළවය.

පැතිරී යන කතා අසත්‍යයි මහින්ද රාජපක්ෂගේ පාර්ශවය කට අරි

පැතිරී යන කතා අසත්‍යයි මහින්ද රාජපක්ෂගේ පාර්ශවය කට අරි

 

නිශාන්ත වික්‍රමසිංහ මහතා යනු ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහෝදරයෙකු වන බැවින්, ඔහු අත්අඩංගුවට ගැනීම රාජපක්ෂ පවුල තුළ විශාල කම්පනයක් ඇති කර ඇති බව වාර්තා වේ.

තම සභාපතිධූරය ඉටු කළ කාලය තුළ දූෂණ චෝදනා වලට මුහුණ දී ඇති ඔහුගේ අත්අඩංගුවට ගැනීමත් සමඟම රාජපක්ෂ පවුලේ ප්‍රබලයන් කිහිපදෙනෙක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද සඳහන්ය.

කොළඹ මහ නගර සභාවට ඒසි දාන්නම ලක්ෂ 4ක් නගරාධිපතිනී ව්‍රායි කැලී මොකද කියන්නේ ?

කොළඹ මහ නගර සභාවට ඒසි දාන්නම ලක්ෂ 4ක් නගරාධිපතිනී ව්‍රායි කැලී මොකද කියන්නේ ?

මීට පෙරත් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ‘සිරිලිය’ ගිණුම සම්බන්ධයෙන් විශාල වාර්තා අනාවරණය වී තිබිණි.

මේ වනවිට වසා තබා ඇති සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වූ නඩුකරය නැවත විභාගයට ගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කරන බව මහජන ආරක්ෂක නියෝජිත ඇමැති සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී කීය.

එම ගිණුම ආරම්භ කිරීමේදී පිරවිය යුතු අයඳුම්පත, බැංකුවෙන් මේ වනවිට අස්ථානගත වී ඇතැයි ද කී ඇමැතිවරයා මේ වනවිට එම ගිණුමේ කටයුතු අක්‍රීය කර ඇතැයි ද සඳහන් කළේය.

මේ මොන අපරාධයක්ද කෝටිපතියව පැහැරගෙන මරලා ජීප් එකේම පුච්චලා

මේ මොන අපරාධයක්ද කෝටිපතියව පැහැරගෙන මරලා ජීප් එකේම පුච්චලා

අත්හිටුවන විට එම ගිණුමේ පැවැති ශේෂය රුපියල් මිලියන 44ක් වූ බවත් කී ඇමැතිවරයා ගිණුම සඳහා රුපියල් අටකෝටි විසිනව ලක්ෂයකට අධික මුදලක් තැන්පත් කර තිබූ බවද ඉන් රුපියල් තුන්කෝටි අනූලක්ෂ පහළොස් දහසක මුදලක් ඉවත් කරගෙන ඇතැයි ද කීය.

තවද ලක්ෂ සියයක ස්ථාවර තැන්පතුවක් ද සිරිලිය නමින් තැන්පත් කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.