ජපුරෙන් තීරණයක්, ආයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා නෑ

University of Sri Jayawardenapura Sri Lanka Education Sinhala news Breaking News
By Kaushi Jun 27, 2025 11:38 PM GMT
Kaushi

Kaushi

Report

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා තාවකාලිකව අත්හිටුවන බවට එම විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිය දඹර අමිල හිමියෝ පවසා ඇති බව වාර්තා වේ.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ ආචාරිය මහාචාර්යවරුන් අනිසි ලෙස මුදල් උපයන බවට එල්ල වන චෝදනා පිළිබඳව වර්තමාන රජය හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් වී නිසි විමර්ශනයක් කර විසඳුම් ලබා දෙන තෙක් බව සඳහන්.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

උන්වහන්සේ පවසා ඇත්තේ හොඳම මූල්‍ය කළමනාකරණය පවත්වාගෙන යන විශ්වවිද්‍යාල අතරින් රන් සම්මානය පවා දිනාගත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලාවන්හි මූල්‍ය වංචා සිදු වන්නේය යන්න පැවසීම ඉතාමත් පදනම් විරහිත බවයි.

උන්වහන්සේ මේ බව ඊයේ (26) දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්ථාගාර පරිශ්‍රයේ පැවැති බාහිර උපාධි හා සම්බන්ධ ගැටලුව පිළිබඳ මාධ්‍ය හමුවේ දී පවසා තිබුණා.

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

එහිදී අමිල හිමියන් පැවසුවේ ඉකුත් දිනවල සමාජ මාධ්‍යයන්හි, ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා පිළිබඳව පැතිර ගිය පුවත් පදනම් විරහිත අසත්‍ය ඒවා බවයි. එසේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පවත්වාගෙන යන සෑම බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා 932 විශ්ව විද්‍යාල චක්‍රලේඛය යටතේ ක්‍රියාත්මක වන බවද කියා ඇත.

එසේම බාහිර උපාධියක් හැදෑරිමට එක් බාහිර ශිෂ්‍යයෙක්ගෙන් අය කෙරෙන මුදල, එක් දේශනයකට ආචාර්යවරයෙක්ට ගෙවන මුදල හා ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවේදී එක් ප්‍රශ්න පත්‍රයකට ගෙවන මුදල යන මූල්‍යමය කාරණා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියකින් යුතුව පවත්වාගෙන යන බවත් සඳහන්.

රන් මිල නැවත වැටෙයි

රන් මිල නැවත වැටෙයි

තවද වාර්ෂිකව ශ්‍රී ලංකාවේ සෑම රජයේ විශ්වවිද්‍යාලයකම කලා උපාධිය හදාරන එක් අභ්‍යන්තර ශිෂ්‍යයෙක්ටම රුපියල් 3,52,000ක මුදලක් වැය කරන බවද උන්වහන්සේ පවසයි.

එසේ වුවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක් බාහිර උපාධි අපේක්ෂකයකුගෙන් උපාධි ගාස්තු ලෙස රුපියල් 1,95,000ක මුදලක් අය කරගනිමින් රජයේ විශ්වවිද්‍යාලයකට යෑමට නොහැකි වූ ශිෂ්‍යයන්ට පවා උපාධි ලබා ගැනීමේ අවස්ථා සලසා රජයට විශාල මූල්‍යමය සහනයක් සපයන බවත් එහිමියෝ පවසා ඇත.

රන් මිල නැවත වැටෙයි

රන් මිල නැවත වැටෙයි

ඊට අමතරව බාහිර උපාධි ශිෂ්‍යයන්ගෙන් අය කරගන්නා මුදල කිසිදු ලෙසකින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පෞද්ගලික ගිණුම්වලට බැර නොවන බවත් ඒවා විශ්වවිද්‍යාලයේ ප්‍රාග්ධන හා මුදල් කමිටුවේ මනා අධික්ෂණය යටතේ විශ්වවිද්‍යාල මූල්‍යාධිකාරිය ඔස්සේ විශ්වවිද්‍යාල අරමුදලට එකතු වන බවද කියා තිබෙනවා.

එනිසා මෙවැනි මූල්‍ය අධීක්ෂණ ක්‍රියාදාමයක් තිබියදී පවා අසත්‍ය චෝදනා නගමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීම ආචාර්යවරයක් ලෙස හෙළා දකින බවත් උන්වහන්සේ පවසා ඇත.

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ටීචර් අම්මට සම්මානේ දෙන්න බෑ කියලා වේදිකාව උඩම ලැජ්ජා කරලා - ඇමතිතුමා කරපු හරියක්

ReeCha