ත්‍රිවිධ හමුදාවේ රැසකට උසස්වීම්

Report

"16 වන ජාතික රණවිරු සැමරුමට" සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස් වීම් ලබා දී තිබේ. අද (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම උසස්වීම් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය.

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,256 දෙනෙකුට උසස් වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 12 දෙනෙකුට සහ සෙසු නිලයන් 848 දෙනෙකුට උසස් වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය.

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ නවතම තොරතුරු

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ නවතම තොරතුරු

16 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයන් 10,093 දෙනෙකු සඳහා ද උසස්වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පැවසුවේය.