බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ නවතම තොරතුරු

Sri Lanka Police Colombo Murder Sinhala news
By Hashan May 19, 2025 05:34 AM GMT
Hashan

Hashan

Report

ඊයේ (18) දින පස්වරුවේ සිදු වූ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් පුද්ගලයකු තුවාල ලබා තිබුණා.   

සිරිසඳ සෙවන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි අදාළ පුද්ගලයා වයස අවුරුදු 41 ක් වන අයෙක් බවයි සඳහන් වන්නෙ. මෙම වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා පරවියන් අලෙවිකරණ පුද්ගලකි. 

මත්ද්‍රව්‍ය ආරවුලක් මත මෙම වැඩි තැබීම සිදු වන්නට ඇති බවයි පොලිසිය සැක පල කරන්නේ. 

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති අතර ඔවුන් පැමිණි යතුරු පැදිය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය අසල දමා ගොස් තිබෙනවා. 

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ නවතම තොරතුරු | Latest Information On The Bloe Mendal Shooting

අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

  

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික චමින්ද උදයංග හෙවත් බෝනිස්ටා නිපුනගේ පාර්ශවය විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි විමර්ශන වලි දී අනාවරණය වී ඇත්තේ.  කෙසේ වෙතත් අදාළ අපරාධ කල්ලි සාමාජිකයා මේ වන විට ඩුබායිහි සැඟව සිටින බවයි සඳහන් වන්නේ.   

වෙඩි  වැදීමට ලක් වූ පුද්ගලයා වෙළඳසැලක් ඉදිරිපිට රැඳී සිටිය දී මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියකින් මෙලෙස වෙඩි ප්‍රහාරට ලක් වී ඇති බවයි සඳහන් වන්නේ . 

නිරිත දිග මෝසම් ක්‍රියාත්මකයි...බොහෝ ප්‍රදේශවලට අදත් වැසි

නිරිත දිග මෝසම් ක්‍රියාත්මකයි...බොහෝ ප්‍රදේශවලට අදත් වැසි

ReeCha