තෙල් සංස්ථාවේ 'iPhone' බිල් පිටවුණා වගේ රහස් එළියට යන නිසා සංස්ථාව ඩිජිටල් කරනවලු..

iPhone Law and Order Latest Headlines Sinhala news SriLanka News - Gagana
By Shehan May 19, 2025 07:40 AM GMT
Shehan

Shehan

Report

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) දත්ත, වාර්තා, සහ රහස්‍ය තොරතුරු සමාජගතවීමේ අවදානමක් පවතින බවත්, එය වැළැක්වීම සඳහා ඉදිරි සතියේ සිට නව තාක්ෂණය භාවිතයෙන් සංස්ථාවේ කටයුතු ඩිජිටල්කරණය කිරීම ආරම්භ කරන බවත් CPC හි කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ, CPC විසින් මිලදී ගත් “අයිෆෝන්” දෙකක බිල් සමාජගතවීම සම්බන්ධයෙන් අප කළ විමසුමකට ප්‍රතිචාර දක්වමිනි.

UNP - SJB එකතු වෙන්න එකඟතාවයට එළඹෙයි

UNP - SJB එකතු වෙන්න එකඟතාවයට එළඹෙයි

ආචාර්ය නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, මෙම අයිෆෝන් දෙක සංස්ථාවේ රාජකාරිමය කටයුතු සඳහා මිලදී ගත් බවත්, ඒවා ඩිජිටල්කරණ වැඩසටහනේ අංගයක් ලෙස, CPC හි ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව සහ සියලු පාර්ශ්වයන්ගේ අනුමැතිය ඇතිව මිලදී ගත් බවත්ය.

ඩිජිටල්කරණය ආරම්භ කිරීමෙන් පසු, ආයතනයේ තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ලබාදීමේ හැකියාවක් කිසිවකුටත් නොලැබෙන බවත්, මෙම වැඩසටහන තොරතුරු ආරක්ෂාව සහතික කිරීමට ඉවහල් වන බවත් ඔහු අවධාරණය කළේය.

තිරය පිටිපස ඉඳන් උපායශීලීව කොළඹ බලේ ගන්න වැඩ.. - රවි

තිරය පිටිපස ඉඳන් උපායශීලීව කොළඹ බලේ ගන්න වැඩ.. - රවි

එම අයිෆෝන් කිසිවකුගේ පෞද්ගලික භාවිතය සඳහා මිලදී ගත් ඒවා නොවන බවත්, ඒවා සම්පූර්ණයෙන්ම CPC හි රාජකාරි කටයුතු සඳහා පමණක් මිලදී ගත් බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. 

ReeCha