ටිබෙටය දෙදරයි - 2024 ජනවාරි මාසයෙන් පසු චීනයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාවට මුහුණ දෙයි

Report

චීනයේ නිරිතදිග කලාපයක් වන ටිබෙටයට, අද(22) රාත්‍රී 10:33 ට (GMT වේලාවෙන් 1433 ට) පමණ මැග්නිටියුඩ් 7.0 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් බලපෑ බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය (CENC) සඳහන් කරයි.

ඒ අනුව භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානයට ආසන්න ගම්මානයක අවම ලෙස පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා සිටින බවත්, කේන්ද්‍රස්ථානයට ඉතා ආසන්න ගම්මානවල නිවාස කිහිපයක ඉරිතැලීම් දක්නට ලැබෙන බවත් රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වාර්තා කර ඇති බව සඳහන්.

එසේම මෙය 2024 ජනවාරි මාසයෙන් පසු චීනයට බලපෑ ප්‍රබලතම භූමිකම්පාව ද වේ.

ලංකාවෙම හීනේ සැබෑ වෙයි - අති දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්

ලංකාවෙම හීනේ සැබෑ වෙයි - අති දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්

මේ අතර මෙම භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය පිහිටා තිබුණේ උතුරු ටිබෙටයේ නාග්කු (Nagqu) හි, ජනගහනය අඩු, ඉහළ උන්නතාංශයක පිහිටි ප්‍රදේශයක වන අතර, එය කිලෝමීටර් 10 ක් (සැතපුම් 6.2 ක්) ගැඹුරින් හටගෙන තිබෙනවා.

චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථාන දත්තවලට අනුව, කේන්ද්‍රස්ථානයේ සිට කිලෝමීටර් 5 ක වපසරියක් තුළ සාමාන්‍ය උන්නතාංශය මීටර් 4,864 ක් (අඩි 15,960 ක්) පමණ වේ. 

ආයෙත් තෙල් පෝලිම් එක්ක දැවැන්ත අර්බුදයක්.. ලංකාවටම රතු එළියක්

ආයෙත් තෙල් පෝලිම් එක්ක දැවැන්ත අර්බුදයක්.. ලංකාවටම රතු එළියක්

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට