සෑම සිසුවෙකුටම රුපියල් 100,000ක ශිෂ්‍යත්වයක් - මෙවැනි සිසුන්ගේ අධ්‍යාපන හා රැකියා අවස්ථා රජයේ වගකීමක්

Report

ආබාධ සහිත සිසුන්ට සමාන අවස්ථා සහ ගෞරවය හිමිවන, සියලු දෙනා ඇතුළත් කරගන්නා (inclusive) අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීමේ වගකීම රජය භාරගෙන ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

සැප්තැම්බර් 12 වන දින නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතනයේදී පැවති, ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් ඇගයීමේ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන හා රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම අරමුණු කරගත් වැඩසටහන් කිහිපයක් පිළිබඳව කරුණු පැහැදිලි කළාය.

ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මගින්, තම උසස් අධ්‍යාපන කටයුතු සඳහා ශාරීරික අභියෝග ජයගත් ආබාධ සහිත සිසුන් ඇගයීමට ලක් කෙරේ. මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලබන සෑම සිසුවෙකුටම රුපියල් 100,000ක එක් වරක් පමණක් ලබා දෙන ශිෂ්‍යත්වයක් හිමිවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ හෙට වැසෙයි - ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - කොළඹ ජනතාවට විශේෂ රථවාහන සැලැස්මක්

සිසුන් 16,000කට පමණ ප්‍රතිලාභ සැලසෙන පරිදි විශ්වවිද්‍යාල නේවාසිකාගාර 55ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කර ඇති බව ඇය සඳහන් කළාය.

මෙම නේවාසිකාගාර සැලසුම් කර ඇත්තේ ආබාධ සහිත සිසුන්ට පහසුවෙන් භාවිත කළ හැකි විශේෂ පහසුකම් සහිතවය. පාසල් සහ විශ්වවිද්‍යාලවල සිටින ආබාධ සහිත සිසුන්ට අවශ්‍ය ඩිජිටල් සහ වෙනත් ආධාරක උපකරණ නිෂ්පාදනය කර බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතියක් ද මේ වන විට ආරම්භ කර ඇත.

වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම්දීමක් - වාහනයක් අරන් අංක තහඩුවක් නැතිව ඉන්න අයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් උත්තර දෙයි

වාහන අංක තහඩු නිකුත් කිරීම ගැන දැනුම්දීමක් - වාහනයක් අරන් අංක තහඩුවක් නැතිව ඉන්න අයට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් උත්තර දෙයි

ආබාධ සහිත සිසුන්ට ආර්ථික වශයෙන් ස්වාධීන වීමට උපකාර කිරීම සඳහා වෘත්තීය පුහුණු සහ රැකියා වැඩසටහන් හඳුන්වා දෙමින් පවතින බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්,කරණ මගින් පාසල් මට්ටමේ සිටම වෘත්තීය අධ්‍යාපනය සඳහා ප්‍රවේශය පුළුල් කරන අතරම, සිසුන් රැකියා සඳහා වඩා හොඳින් සූදානම් කිරීමට ද කටයුතු කෙරෙන බව ඇය සඳහන් කළාය.

මේ අතර, ජනාධිපති අරමුදලේ "සරසවි දිරියෝ අභිමාන" වැඩසටහනේ තෙවන අදියර යටතේ, නැගෙනහිර සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසුන් 50 දෙනෙකුට ඇගයීම් සහතික සහ එක් අයෙකුට රුපියල් 100,000 බැගින් වූ මූල්‍ය ආධාර පිරිනමන ලදී. "සියලු දෙනාටම සමානව සහ ගෞරවයෙන් සලකන අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැගීම අපගේ අරමුණයි.

නොකළොත් දඬ කන්න වෙයි - සුනඛයින් වෙනුවෙන් විශේෂ නීතියක් - සුනඛ අයිතිකරුවන්ට විශේෂ ගැසට් පත්‍රයක් ඉදිරියේදී

නොකළොත් දඬ කන්න වෙයි - සුනඛයින් වෙනුවෙන් විශේෂ නීතියක් - සුනඛ අයිතිකරුවන්ට විශේෂ ගැසට් පත්‍රයක් ඉදිරියේදී

රජයක් ලෙස අපි ආබාධ සහිත සිසුන් වෙනුවෙන් වගකීම භාර ගන්නවා," යනුවෙන් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළාය. සියලු දෙනා ඇතුළත් කරගන්නා අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම රජයේ ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණක් බව පැවසූ අමරසූරිය මහත්මිය, රටේ සංවර්ධනය වෙනුවෙන් රජය, රාජ්‍ය නිලධාරීන් සහ පුරවැසියන් එක්ව කටයුතු කරන ලෙස ඉල්ලා සිටියාය.