ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් අභිනව රන් කරඬුවක් - මුළු බරෙන් කිලෝග්‍රෑම් 65.224ක්ම රත්තරන් - ලංකාවම හොයපු අලුත් රන් කරඬුවේ විස්තරේ මෙන්න

Report

ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ වෙත පූජා කොට ඇත.

ඒ අනුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවට අනුව මෙම මහ කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04ක් බවත් එහි රත්තරන් කිලෝග්‍රෑම් 65.224ක්, විවිධ මැණික් ගල් කිලෝග්‍රෑම් 1.480ක් සහ පැස්සුම් සඳහා භාවිත කළ උපකාරක ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.822ක් අඩංගු බවත් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමි, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහා නා හිමි සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇත.

එසේම අඳාළ ලිපිය ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටීම පිණිස අභිනවයෙන් පූජා කළ මෙම ස්වර්ණමය මහ කරඬුවක් සම්බන්ධයෙන් සමාජගත වන සාවද්‍ය තොරතුරු පැහැදිලි කරමින් යොමු කර ඇති බව සඳහන්.

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

මෙම නිල දැනුම්දීමට අනුව හෙළි කර ඇත්තේ මෙම ස්වර්ණමය මහ කරඬුවේ පූජා කර්මය 2026 සැප්තැම්බර් 08 වන දින මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා, දියවඩන නිලමේතුමා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ සහභාගීත්වයෙන් චිරාගත සම්ප්‍රදායානුකූලව මෙම පුණ්‍යකර්මය සිදුකර තිබෙන බවයි.

එසේම ඇතුල්කෝට්ටේ පදිංචි කමන්ත අමරසේකර ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතෛෂීන්ගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සහ මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුමැතිය ඇතිව මෙම කරඬුව නිර්මාණය කර ඇත.

තවද දෙවැනි විමලධර්මසූරිය රජු විසින් ආරම්භ කර කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සම්පූර්ණ කරන ලද, සුවිශේෂී ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි රන් ආලේපිත රිදී මහ කරඬුව එහි අනන්‍යතාව සුරැකෙන ලෙස ශ්‍රී දළදා මාලිගාවේ අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කිරීමට පියවර ගනිමින් සිටියි.

එළඹෙන සැප්තැම්බර් 14 සඳුදා සිට 19 සිකුරාදා දක්වා දිවයින පුරා විශේෂ සතියක් ප්‍රකාශයට පත් කරයි - සතියට වැඩසටහන් 4,000ක්

එළඹෙන සැප්තැම්බර් 14 සඳුදා සිට 19 සිකුරාදා දක්වා දිවයින පුරා විශේෂ සතියක් ප්‍රකාශයට පත් කරයි - සතියට වැඩසටහන් 4,000ක්

1853 ආඥා පත්‍රය ප්‍රකාරව ශ්‍රී දළදා වහන්සේගේ ආරක්ෂාව, තේවාව සහ සියලු අයිතිවාසිකම් උභය මහා විහාරීය මහානායක හිමිපාණන් වහන්සේලා සහ දියවඩන නිලමේවරයා වෙත පැවරී තිබෙන අතර, ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ පවතින සුවිශේෂී ගෞරවය හා භක්ත්‍යාදරය ලෝකවාසි ජනතාව හමුවේ තහවුරු කිරීම මෙම පූජාවේ ප්‍රධාන පරමාර්ථය වූ බව අඳාළ ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

ජගත් කථානායක ධූරයෙන් ඉවතට.. යළි ධූරය උපාධි සහතිකය නැතත් අශෝක රන්වලට?

ජගත් කථානායක ධූරයෙන් ඉවතට.. යළි ධූරය උපාධි සහතිකය නැතත් අශෝක රන්වලට?

මේ අයට ලක්ෂ 15ක නැවත අය නොකරන ණයක් රජයෙන් - 19ය සිට ක්‍රියාත්මක වේ

මේ අයට ලක්ෂ 15ක නැවත අය නොකරන ණයක් රජයෙන් - 19ය සිට ක්‍රියාත්මක වේ