මේ අයට ලක්ෂ 15ක නැවත අය නොකරන ණයක් රජයෙන් - 19ය සිට ක්‍රියාත්මක වේ

Report

ජාතික නිවාස වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත 'යතිවර මාපිය' වැඩසටහනේ සමාරම්භක උත්සවය එළඹෙන සැප්තැම්බර් 19 වන දින බදුල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශාසනයට තම දරුවන් පූජා කළ, ස්ථිර නිවසක් නොමැති දෙමාපියන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක නැවත අය නොකරගන්නා රජයේ නිවාස ආධාර ලබාදී නිවාස ඉදිකර දීම මෙම ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පූර්ණ අධීක්ෂණය සහ තාක්ෂණික සහාය ඇතිව සිදුවේ.

අදාළ ව්‍යාපෘතිය සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් ඊයේ (09) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

2025 උසස් පෙළ ප්‍රතිඵල මත පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක් - දෙවන වටයේ ලියාපදිංචිය ඇරඹෙයි

2025 උසස් පෙළ ප්‍රතිඵල මත පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක් - දෙවන වටයේ ලියාපදිංචිය ඇරඹෙයි

ඥානසාර හිමි විමතියට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවන් - ලබා දුන් ජනපති සමාව නීතියට පටහැනියි

ඥානසාර හිමි විමතියට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවන් - ලබා දුන් ජනපති සමාව නීතියට පටහැනියි