ආයේ ලයිසන් ගද්දි මේ සෙල්ලන් දාන්න බෑ - රියදුරු බලපත්‍ර ලබාගැනීමට නම් මාස තුනක් මේ විදිහට ක්‍රියා කළ යුතු බව දන්වයි

Report

මෝටර් රථ කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ රියැදුරු බලපත්‍ර ඉල්ලුම් කරන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට එම බලපත්‍ර ලබාගැනීමට නම් මෙරටට පැමිණ මාස තුනක කාලයක් අනිවාර්යයෙන්ම රැඳී සිටීමට සිදුවන බවයි.

එසේම මෝටර් වාහන පනතට අනුව රියැදුරු බලපත්‍ර විභාගය සමත්වී මාස තුනක් යාමට පෙර කිසිදු ආකාරයකින් ප්‍රායෝගික පරික්ෂණයට අනුමැතිය දිය නොහැකි බවත් මාස තුනකට පෙර ඉල්ලුම්කරු විදේශ ගතවන්නේ නම් ඔහුට වසර එකහමාරක් යාමට පෙර නැවත මෙරටට පැමිණ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දී රියැදුරු බලපත්‍රය ලබාගැනීමට සිදුවන බවත් ඔහු පවසයි.

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න

ඊළඟ අවුරුද්දේ 6 ශ්‍රේණියට යන ළමයින්ට සුබ ආරංචියක් - පාසල් අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ කරන්න යන වෙනස මෙන්න

එමෙන්ම රියැදුරු බලපත්‍රය ලබාගැනීමට විභාගයේ සිට මාස තුනක කාලයක් ලබාදී ඇත්තේ පුහුණුවීම් සඳහා බව කී කොමසාරිස් ජනරාල්වරයා ඔවුන් විභාගයට පෙනී සිටි දිනයේ සිට වසර එකහාමාරක් යනතුරුම පුහුණු බලපත්‍රය වලංගු බවද සඳහන් කර ඇත.

මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියා ඇත්තේ නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඊයේ (09) දින පැවැති මාධ්‍ය හමුවේදීයි.

සැප්තැම්බර් 10 සඳහා දිවයිනටම වලංගු නිවේදනයක් - සුළු මොහොතකට පෙර නිකුත් කරයි

සැප්තැම්බර් 10 සඳහා දිවයිනටම වලංගු නිවේදනයක් - සුළු මොහොතකට පෙර නිකුත් කරයි

මම වැලිකඩ හිරගෙදර හිටියනේ මහ බැංකු බැඳුම්කර වංචාවේ හොරා හිරගෙදර ඇතුළේ හිටියේ නැහැ - චමින්ද විජේසිරි

මම වැලිකඩ හිරගෙදර හිටියනේ මහ බැංකු බැඳුම්කර වංචාවේ හොරා හිරගෙදර ඇතුළේ හිටියේ නැහැ - චමින්ද විජේසිරි