ඥානසාර හිමියන් යළි අධිකරණයට දැමීමට පෙර සාකච්ඡාවකට එන්න - කෝට්ටේ සංඝ සභාවෙන් ජනාධිපතිට ලිපියක්

Report

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අද (09) දැනුම් දී තිබේ.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

ඥානසාර හිමියන් තම සංඝ සභාවේ භික්ෂූන් වහන්සේනමක් වන බැවින්, උන්වහන්සේගේ චීවරය තබාගැනීම හෝ ඉවත් කිරීම පිළිබඳ තීරණ ගැනීමේ සම්පූර්ණ බලය හිමිවන්නේ තම සංඝ සභාවට බව අදාළ ලිපිය මඟින් පෙන්වා දී ඇත.

තම සංඝ සභාව සහභාගී කර නොගෙන ඊයේ (08) දිනයේදී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිරිසක් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය සංඝ සභාව මවිතයට පත් වූ බවද අනුනායක හිමියන් සඳහන් කරයි.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

එමෙන්ම අදාළ කාරණය සම්බන්ධයෙන් මෙතෙක් සුදුසු විසඳුමකට පැමිණ නොමැති බවද එම ලිපිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.