මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක් - සති දෙකක් ඇතුළත නව රෙගුලාසි මාලාවක්

Report

මල්වතු මහාවිහාර පාර්ශ්වය විසින් සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ නියෝජිත මහාසංඝරත්න සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු කර ඇත.

ඒ අනුව අදාළ ලිපියේ සඳහන් වන්නේ බන්ධනාගාරගත කෙරෙන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් මහානායක හිමිවරු මතු කළ කරුණු සාධාරණ බව ජනාධිපතිතුමා පිළිගත් බවයි.

එසේම පවතින නීතිමය රාමුව තුළ වසර 03කට වැඩි කාලයක් සිරගත කිරීමට නියම වූ භික්ෂූන් සිවුරු පිටින් බාහිරට ගෙන යාම වැළැක්වීමට බන්ධනාගාර නිලධාරීන්ට නීතිමය බලයක් නොමැති බව ද මෙහිදි පෙන්වා දුන් බව සඳහන්.

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

එබැවින් වසර 03කට වැඩි කාලයකට සිරගත කෙරෙන භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් අදාළ නිකාය හෝ පාර්ශ්වය වෙත දැනුම් දී, එම නිකායේ නිර්දේශ මත පමණක් ක්‍රියාත්මක වන පරිදි නව රෙගුලාසි මාලාවක් සකස් කිරීමට මහා සංඝරත්නය මෙහිදී යෝජනා කර ඇති බව වාර්තා වේ.

අඳාළ යෝජනාවට එකඟතාව පළ කළ ජනාධිපතිවරයා සති දෙකක් ඇතුළත අදාළ රෙගුලාසි සකස් කර අවසන් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

Gallery