ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය සේවය වෙනුවෙන් මේ අයට රැකියා

Report

ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 436 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම හා අඛණ්ඩ සේවාවක් සහතික කිරීමේ රජයේ මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව මෙම පත්වීම් පිරිනැමේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලබන 11 වනදා පෙරවරුවේ මරදාන ටවර් හෝල් පරිශ්‍රයේදී අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතය.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මේ වසරේදී රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය කාර්ය සහායක (කණිෂ්ඨ) III වන ශ්‍රේණිය සඳහා අදියර තුනක් යටතේ පුද්ගලයින් 1,989 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු කෙරිණි.

එම පත්වීම්ලාභීන් අතරින් සේවයට වාර්තා නොකළ, පත්වීම් භාර නොගත් සහ සේවය අතහැර ගිය පිරිස හේතුවෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා මෙම නව බඳවා ගැනීම් සිදුකරනු ලබයි.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්