නීති විරෝධී වත්කම් කොට්ඨාසයෙන් හදිසි මෙහෙයුමක් - ‘චූවා සමන්ත’ගේ කෝටි 3.5ක දේපළ තහනම්
By Kanchana
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන සමන්ත පෙරේරා හෙවත් චූවා සමන්ත යන විසින් නීති විරෝධීව උපයා ගන්නා ලද දේපළ ක්‍රියා විරහිත කිරීමට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන ඇත .
මෙලෙස ක්‍රියා විරහිත කර ඇත්තේ නාවින්න, මඩපාත ප්‍රදේශයේ පිහිටි පර්චස් 12ක ඉඩම සහ නවීන පන්නයේ තෙමහල් නිවසක් වේ
මෙම ඉඩමේ සහ තෙමහල් නිවසේ වටිනාකම රුපියල් මිලියන 35ක් පමණ වන බව පොලිසිය සදහන් කර තිබේ .
පොලිසිය සඳහන් කළේ සිදුකරන ලද විමර්ශනයකට අදාළව අද (09) දින සිට දින 14ක කාලයක් දක්වා අදාළ වත්කම් ක්‍රියා විරහිත කිරීමට පියවර ගෙන ඇති බවයි .