හෙට දවස ගැන කාලගුණයෙන් හදිසි ඇම්බර් නිවේදනයක් - ප්‍රදේශ රැසක උණුසුම ඉහළට
උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (10) දිවා කාලයේදී උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඒ අනුව, එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඇම්බර් වර්ණයෙන් යුත් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. 2026 ඔක්තෝබර් 09 වැනි දින පස්වරු 4.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය ඔක්තෝබර් 10 වැනි දින සඳහා වලංගු වේ.
ඒ අනුව, අදාළ ප්‍රදේශවල ජනතාව උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙසත් උපදෙස් දෙනු ලැබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ ඇම්බර් වර්ණයේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. මෙම නිවේදනය 2026 ඔක්තෝබර් 09 වැනිදා පස්වරු 4.00ට නිකුත් කර ඇති අතර, ඔක්තෝබර් 10 වැනිදා සඳහා වලංගු වේ.
උතුර, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මෙම උණුසුම් කාලගුණ තත්ත්වය බලපෑ හැකි බව දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
