ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළට - අගමැතිනි හරිනිගෙන් ප්‍රකාශයක්
2027 අයවැය සැලැස්ම හරහා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ගුරු වැටුප් ගැටලු විසඳීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා සුදුසු පියවර ගනිමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ඊයේ (08) පාර්ලිමේන්තුවේ පැවති 'වාචික ප්‍රශ්න විමසීමේ' සැසිවාරයේදී, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මධුගොඩ විසින් යොමු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව පැවසුවාය.
ගුරු-විදුහල්පති සේවයේ පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයේම පවතින වැටුප් ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, 2025 වසර සඳහා වන අයවැය සැලැස්ම හරහා වැටුප් වැඩිවීම් සිදු කර ඇති බවයි.
අධ්‍යාපන සේවා නිලධාරීන්ගේ වැටුප්, සුබෝධිනී කමිටු නිර්දේශවලට එහා ගිය මට්ටමකින් වැඩි කර තිබේ. ගුරු-විදුහල්පති සේවයේ පවතින වැටුප් විෂමතාව විසඳීම සඳහා සුදුසු පියවර ගෙන ඇත.
2027 අයවැය හරහා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව ඇය වැඩිදුරටත් පැවසුවාය.