මේක බෞද්ධ රාජ්‍යයක්..කාඩ්බෝඩ් බෞද්ධයොත් ඉන්නවනේ.. මොන කේවට්ටයා උපදෙස් දුන්නත් මේ වැඩේ වැරදියි - ඥානසාර හිමිගේ සිවුරේ ගැටලුවට සංඝරත්නය උණුසුම් වෙයි
අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ දැඩි අවධානය යොමු විය යුතු බවයි.
වැඩිදුරටත් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරන්නේ යම් හෙයකින් කාගේ හෝ උපදෙස් මත මෙලෙස භික්ෂූන් වහන්සේනමකගේ සිවුර ඉවත් කර ඇත්නම්, එය බෞද්ධ රාජ්‍යයක කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවයි.
"කිරිකලයට ගොම බින්දුවක් වැටුණා වගේ වැඩක් මෙතැනදී සිදුවෙලා තියෙන්නේ. ජනාධිපතිතුමාත් බෞද්ධයෙක්, අගමැතිත් බෞද්ධයෙක්. මොන කේවට්ටයා උපදෙස් දුන්නත් මෙවැනි දේවල් සිදුවීමෙන් සිදුවන්නේ රජයටත් අගෞරවයක් සිදුවීමයි"යනුවෙන් උන්වහන්සේ පෙන්වා දී ඇත.
ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් දැවැන්ත විරෝධයක් - ජී.එල්. පීරිස්ගෙන් හදිසි නිවේදනයක්
එමෙන්ම අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් පැවසුවේ ඥානසාර හිමියන් අතින් යම් වරදක් සිදුව ඇත්නම් ඊට දඬුවම් ලැබීම සාධාරණ වුවත්, මෙවැනි පියවරක් ගැනීමට පෙර මහානායක හිමිවරුන් දැනුවත් කර උන්වහන්සේලාගේ අදහස් ලබාගත්තේ නම් මෙවැනි ප්‍රශ්නයක් උද්ගත නොවන බවයි.
එබැවින් මේ සම්බන්ධයෙන් නැවත දුරදිග සලකා බලා, මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කර ඥානසාර හිමියන්ට නැවත සිවුර ලබාදීමට කටයුතු කරන ලෙසත්, මතුව ඇති අගෞරවනීය තත්ත්වය වහාම නිවැරදි කරගන්නා ලෙසත් උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.