පහුගිය ආණ්ඩුවේ හිරේ දැම්මට කවුරුත් මගේ සිවුර ගැලෙව්වේ නෑ - මෙදා තමයි සිවුර ගැලෙව්වේ - සිවුර ගැලෙව්වත් නැතත් ඥානසාර හාමුදුරුවෝම තමයි [VIDEO]

Report

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසන්නේ පසුගිය ආණ්ඩු සමයන්හිදී තමන්ව බන්ධනාගාරගත කළ ද කිසිදු රජයක් සිය සිවුර ඉවත් නොකළ බවත්, මෙවර ආණ්ඩුව යටතේ සිය සිවුර ගලවා ඇති බවත්ය.

අද (06) දින අධිකරණ නියෝගයකට අනුව බන්ධනාගාරගතව සිටින උන්වහන්සේ, කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යන අතරවාරයේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළහ.

සුදු පාට ගිහිඇඳුමින් ඥානසාර හිමි අධිකරණයට - මෙන්න විස්තරේ

සුදු පාට ගිහිඇඳුමින් ඥානසාර හිමි අධිකරණයට - මෙන්න විස්තරේ

සිය කැමැත්තෙන් සිවුර ඉවත් කළේදැයි මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේදී සුදු පැහැති ජාතික ඇඳුමකින් (ගිහි ඇඳුමෙන්) සැරසී දැඩි බන්ධනාගාර ආරක්ෂාව යටතේ අධිකරණයෙන් පිටතට පැමිණි උන්වහන්සේ පැවසුවේ ඉහළ නියෝග මත සිදුවූවක් බවයි.

"පසුගිය ආණ්ඩු හිරේ ගෙනිහින් දැම්මට කවුරුත් කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑනේ. මෙදා තමයි සිවුර ගැලෙව්වේ. සිවුර ගැලෙව්වත් එකයි, නැතත් එකයි" යනුවෙන් උන්වහන්සේ එහිදී පැවසූහ.

මහින්ද කහඳගම අත්අඩංගුවට - කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සැර වෙයි

මහින්ද කහඳගම අත්අඩංගුවට - කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය සැර වෙයි

අධිකරණය හමුවට සිවුරෙන් සැරසී පැමිණීමට අවසර තිබේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී උන්වහන්සේ පෙන්වා දුන්නේ, ඒ සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ මහා සංඝ සභාව බවයි.  

පහුගිය ආණ්ඩුවේ හිරේ දැම්මට කවුරුත් මගේ සිවුර ගැලෙව්වේ නෑ - මෙදා තමයි සිවුර ගැලෙව්වේ - සිවුර ගැලෙව්වත් නැතත් ඥානසාර හාමුදුරුවෝම තමයි  | Gnanasara Thero Says Robes Were Removed