දකුණු අප්‍රිකාව ඇවිලෙයි - වාහන 24කට ගිනි තබයි - මහජන ආරක්ෂාවට තර්ජනයක් බවට දැනුම්දීමක්
දකුණු අප්‍රිකාවේ සංක්‍රමණ විරෝධී විරෝධතා ප්‍රචණ්ඩත්වයට හැරී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ සමඟ අවම වශයෙන් වාහන 24කට ගිනි තබා ඇති අතර, විදේශිකයන්ට අයත් වෙළෙඳසැල් ද කොල්ලකා තිබෙන බව සඳහන්.
ජොහැන්නස්බර්ග්හි සොවෙටෝ නගරයේ සහ නැගෙනහිර වෙරළබඩ වරාය නගරයක් වන ඩර්බන් හි ඊයේ(08) දින ඇති වූ මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය හේතුවෙන් විදේශයන්හි පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර වසා දැමීමට සිදු වූ බව පොලිසිය පවසන බව වාර්තා වේ.
මේ අතර තත්ත්වය පාලනය කිරීමමට පොලිසිය රබර් උණ්ඩ භාවිත කර ඇති බව සඳහන්. මෙම විරෝධතාවලට නීතිවිරෝධී ආකාරයට රටට ඇතුළු වූ ඇතැම් සංක්‍රමණිකයන්ට සරණාගතභාවය සඳහා අයදුම් කිරීමට අවසර ලබාදිය හැකි බවට අධිකරණයක් ලබාදුන් තීන්දුවක් හේතු වී ඇති බව සඳහන්.
එසේම සංක්‍රමණිකයන් සම්බන්ධ කටයුතු හසුරුවන නිලධාරීන්ට අධික වැඩබරක් පැවරී තිබෙන බවත්, එම තත්ත්වය මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් දකුණු අප්‍රිකාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
කෙසේ වුවද ව්‍යවස්ථාමය අධිකරණයේ තීන්දුවට අනුකූලව කටයුතු කරන අතරම, එය ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් කිරීමට රජය පියවර ගන්නා බව ද වාර්තා වේ.