මේ iPhone වල පාරිභෝගික ඉල්ලුම පහළ යයි.. Apple සමාගමෙන් තීරණයක්

Report

නවතම iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථන වෙනුවෙන් පාරිභෝගික ඉල්ලුම පහළ යාම නිසා එම දුරකථනවල ඇතැම් කොටස් නිෂ්පාදනය සඳහා ලබාදී තිබූ ඇණවුම් අඩු කිරීමට ඇපල් සමාගම පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව නිකේයි ඒෂියා (Nikkei Asia) මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර්ස් (Reuters) පුවත් සේවය මේ බව වාර්තා කරයි.

එබැවින් ඔක්තෝබර් මාසයට ඇණවුම් කර තිබූ දුරකථන කොටස් ප්‍රමාණය මුලින් ඉල්ලා සිටි ප්‍රමාණයට සාපේක්ෂව අවම ලෙස 15 %කින් අඩු කර ඇති බව පවසයි.

එමෙන්ම එහි දැක්වෙන්නේ Memory Chip මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ දුරකථන මිල ගණන් වැඩිවීම නිසා පාරිභෝගික ඉල්ලුමට බලපෑම් එල්ල වී ඇති බවයි.

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

එමෙන්ම කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන වෙනුවෙන් අවශ්‍ය උසස් චිප නිෂ්පාදන ධාරිතාව සහ මතක චිප ලබාගැනීමට තාක්ෂණික සමාගම් විශාල ලෙස කටයුතු කිරීම නිසා වෙළෙඳපොළ තුළ චිප හිඟයක් සහ මිල ඉහළ යාමක් ඇති වී ඇත.

එම තත්ත්වය පරිගණක සහ ස්මාර්ට් දුරකථන වෙළෙඳපොළට ද බලපෑම් එල්ල කරනු ඇති බව සඳහන්.

මේ අතර අගෝස්තු මාසයේ අග භාගයේ සිට ඔක්තෝබර් මාසය දක්වා උපාංග වෙනුවෙන් වූ ඉල්ලුම දුර්වල වී ඇති බව ද නිකේයි ඒෂියා වාර්තා කර ඇත.

එසේ වුවත් එම තත්ත්වයට ඇපල් සමාගම සිය iPhone මාදිලි එළිදක්වන කාලසටහන වෙනස් කිරීම ද හේතු වන්නට ඇති බව අඳාළ වාර්තාවේ සඳහන්.

හෙට ලංකාවටම වෙන්න යන දේ - 1න් පසු ගිගුරුම් සහිත වැසි - ප්‍රවේශම් වන මෙන් දන්වයි

හෙට ලංකාවටම වෙන්න යන දේ - 1න් පසු ගිගුරුම් සහිත වැසි - ප්‍රවේශම් වන මෙන් දන්වයි

දුම්රියේ යන පාසල් සිසුන්ට හා මගීන්ට විශේෂ දැනුම්දීමක්

දුම්රියේ යන පාසල් සිසුන්ට හා මගීන්ට විශේෂ දැනුම්දීමක්