ලොවම සලිත කරමින් පෙන්ටගනයෙන් නිවේදනයක් - අමු අමුවේ හිටපු මේජර්වරයෙකුට මරණය දෙන හැටි මහජනතාවට සජීවීවම

Report

වෙඩි තැබීමේ කණ්ඩායමක් මඟින් ඇමරිකානු හමුදාවේ හිටපු මේජර්වරයෙකු මරණ දණ්ඩනයට ලක් කිරීම මහජනතාවට නැරඹීමට හැකි වනු ඇති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ 2009 දී ෆෝට් හුඩ් හිදී නිරායුධ එක්සත් ජනපද සෙබළුන් 13 දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ නිඩාල් හසන්ට ලබාදෙන මරණ දඬුවම මෙසේ සජීවීව විකාශය කරන බවයි.

එසේම එය දශකයකට ආසන්න කාලයක් තුළ එක්සත් ජනපදයේ සිදු කෙරෙන පළමු ප්‍රසිද්ධ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වනු ඇති බවට ද විශ්වාස කරන බව සඳහන්.

නොවැම්බර් 3ට පෙර අපි කිසි විටෙකත් ඉරානයට පහර නොදෙමු.. ලෝකෙම අවධානය මැද ට්‍රම්ප්ගෙන් ඉරානයට තාවකාලික සැනසීමක්

නොවැම්බර් 3ට පෙර අපි කිසි විටෙකත් ඉරානයට පහර නොදෙමු.. ලෝකෙම අවධානය මැද ට්‍රම්ප්ගෙන් ඉරානයට තාවකාලික සැනසීමක්

මරණ දණ්ඩනය නියම වූ සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ජෝන් මිල්ස් විසින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සජීවීව විකාශය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පවසා ඇත්තේ, මෙය "නූතන යුගයේ පෙර නොවූ විරූ" ක්‍රියාවක් මෙන්ම "නීතිමය වශයෙන් අවිනිශ්චිත තත්ත්වයක්" නිර්මාණය කරන්නක් බවයි.

ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් කියා සිටියේ, "මේ වගේ දේවල්වලට බරපතළ ප්‍රතිවිපාක තියෙනවා කියලා ජනතාව තේරුම්ගන්න ඕන." යනුවෙන්.

එමෙන්ම වසර 60කට අධික කාලයකට පසු සිදු කෙරෙන පළමු හමුදා මරණ දණ්ඩනය ලෙස හසන්ව මරණයට පත් කරන බව පෙන්ටගනය මෙම සතියේ මුලදී නිවේදනය කර තිබුණා.

දිවයිනේ මේ පැතිවලට ගිනි ගන්න උණුසුමක් - සූදානම් වන්නැයි නිවේදනයක්

දිවයිනේ මේ පැතිවලට ගිනි ගන්න උණුසුමක් - සූදානම් වන්නැයි නිවේදනයක්

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි