උණුසුම් තත්ත්වයක්.. ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන අදහස් දක්වන්න ආ සිරි සමන්තභද්‍ර හිමියන් නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි [VIDEOS]

Report

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට කටයුතු කරනවාට වඩා, 1848 නිදහස් සටනේදී කුඩාපොළ හිමියන්ට සිදුකළාක් මෙන් උන්වහන්සේට ද සිවුර පිටින්ම වෙඩි තබා ඝාතනය කිරීම වඩාත් උචිත බව පිටිදූවේ සිරිධම්ම හිමි හෙවත් සිරි සමන්තභද්‍ර හිමියෝ ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ, ඥානසාර හිමියන් නැවත බන්ධනාගාරගත වීම අලුත් දඬුවමක් නොවන බවත්, එය මීට පෙර අධිකරණය ලබාදුන් තීන්දුවක ඉතිරි කොටස බලාත්මක කිරීමක් පමණක් බවත් පැවසූ බව සඳහන්.

එමෙන්ම මීට පෙර අවස්ථාවලදී ඥානසාර හිමියන් බන්ධනාගාරයේ රැඳී සිටියේ චීවරය පිටින්ම බව උන්වහන්සේ සිහිපත් කළ බවත් මෙම කරුණ මුල් කරගෙන අනවශ්‍ය අර්බුද නිර්මාණය නොකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවත් වාර්තා වේ.

සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමත් අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගමත් අත්අඩංගුවට

එමෙන්ම රටක් පාලනය කිරීමේදී පාලකයන් ‘දස රාජ ධර්මය’ අනුගමනය කළ යුතු බව අවධාරණය කළ සමන්තභද්‍ර හිමියන්, එහි අවසන් ගුණාංග දෙක වන ‘ඛන්තී’ (ඉවසීම) සහ ‘අවිරෝධතා’ (මහජන මතයට සහ ධර්මයට එරෙහි නොවීම) පිළිබඳව විශේෂයෙන් සිහිපත් ක‍ර ඇති බව සඳහන්.

මේ අතර පාලකයකු නිරතුරුවම ඉවසීමෙන් යුක්ත විය යුතු බවත්, ජනතාව සමඟ ගැටුම් ඇති කර නොගත යුතු බවත් පෙන්වා දුන් උන්වහන්සේ, එම මූලධර්ම නිසි පරිදි ක්‍රියාත්මක කරන්නේ නම් මෙවැනි අර්බුද පහසුවෙන් පාලනය කරගත හැකි බවත් පැවසූ බව වාර්තා වේ.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන සමයේදී මෙම ප්‍රශ්නය හැසිරවූ ආකාරය ද උන්වහන්සේගේ දැඩි විවේචනයට ලක් වූ බව පවසයි.

ඒ අනුව අදාළ ලියකියවිලි පරීක්ෂා කර බලා එවකට ජනාධිපතිවරයාට මෙම ගැටලුව නිරාකරණය කිරීමට හැකියාව තිබූ බව උන්වහන්සේ පැවසූ බව වාර්තා වේ.

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඊට අමතරව සිරි සමන්තභද්‍ර හිමියන්, "ඥානසාර හිමියන් අපරාධකාරයෙක් නෙවෙයි. උන්වහන්සේ කිසිම කෙනෙක් මරලා නෑ, සොරකම් කරලා නෑ," යනුවෙන් පැවසූ බවත් අධිකරණ තීන්දුව තමන් පිළිගන්නා නමුත්, අදාළ චෝදනාවල ලිපි ලේඛන නැවත පරීක්ෂා කර අඩුපාඩු හඳුනාගෙන ජනාධිපතිවරයාට සුදුසු සමාවක් ලබාදීමේ අවස්ථාව පවතින බව ත් පෙන්වා දුන් බව වාර්තා වේ.

මේ අතර එම අවස්ථාවේදී යම් උණුසුම් වාග් හුවමාරුවක් ද වී ඇති බවට ඇතැම් දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.    

විභාග ප්‍රතිඵල ඉක්මනින් - විශේෂ සාකච්ඡාවක් දෙපාර්තමේන්තුවෙන්

විභාග ප්‍රතිඵල ඉක්මනින් - විශේෂ සාකච්ඡාවක් දෙපාර්තමේන්තුවෙන්

අඳාළ වීඩියෝ උපුටා දක්වා ඇත,