සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

Report

2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදාදීමට නියමිත පෙළපොත් සහ මොඩියුල මුද්‍රණය කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, 1, 2 සහ 6 ශ්‍රේණිවල මොඩියුල ද ඇතුළුව පෙළපොත් හා මොඩියුල වර්ග 421ක් මුද්‍රණය කිරීමට නියමිතය. ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ කැඳවන ලද ලංසු 31ක් අතුරින්, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත අදාළ මුද්‍රණ කටයුතු මුද්‍රණාල 21ක් වෙත පැවරීමට තීරණය කර ඇත.

රත්තරන් ගන්න සල්ලි එකතු කරාද? අදනම් රත්තරන් ගන්න හොඳම දවසක් - දැන්ම මේ මිලට ගන්න

රත්තරන් ගන්න සල්ලි එකතු කරාද? අදනම් රත්තරන් ගන්න හොඳම දවසක් - දැන්ම මේ මිලට ගන්න

එකතු කළ අගය මත බදු (VAT) ඇතුළත් නොමැතිව රුපියල් මිලියන 1,614.69ක මුදලකට මෙම මුද්‍රණ කොන්ත්‍රාත්තු පිරිනැමීමට නියමිතයි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

''නව ලිබරල්වාදයේ දිගුවක් මිස, සමාජ සාධාරණත්වය ඉෂ්ට කරන්නේ නැහැ” - සජිත්ගෙන් දාර්ශනික විවේචනයක්

''නව ලිබරල්වාදයේ දිගුවක් මිස, සමාජ සාධාරණත්වය ඉෂ්ට කරන්නේ නැහැ” - සජිත්ගෙන් දාර්ශනික විවේචනයක්