ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්‍ෂයේ සාමාජිකයෙක් නෙමෙයි.. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්ගෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් [VIDEO]

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෘජු සාමාජිකාවක නොවුණ ද, ඇය පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන බැවින් ඇය වෙනුවෙන් පක්ෂයක් ලෙස පෙනී සිටින බවයි.

ඔහු මේ බව පැවසුවේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

එහිදී ලේකම්වරයා කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පක්ෂයේ ජාතික සංවිධායකවරයා බැවින් ඔහු පක්ෂයේ සාමාජිකයකු නොවේ යැයි ප්‍රකාශ කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

අධ්‍යාපන ක්ෂේත්‍රයම වෙනස් කරමින් ගුරුවරුන්ට විශේෂ වෘත්තීය බලපත්‍ර සහ සහතික කිරීමේ ක්‍රමවේදයක් - බලපත්‍රය දෙන්නේ මේ ගුරුවරුන්ට පමණයි - අගමැති

එමෙන්ම ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජනාධිපති ආර්යාව වශයෙන් සිදුකළ කාර්යභාරයන්ගෙන් පක්ෂයක් හැටියට බැහැර වීමට තමන් සූදානම් නොමැති බවත්, සිය පක්ෂය වගකීම්වලින් පලායමින් බොරු ප්‍රකාශ නිකුත් කරන දේශපාලන පක්ෂයක් නොවන බවත් ඔහු සඳහන් කළා.

තවද තමන් අතින් යම් වරදක් සිදුව ඇත්නම් එය ජනතාව ඉදිරියේ පිළිගැනීමට පක්ෂය සූදානම් බව කියූ මහ ලේකම්වරයා, එසේ වුවත් අසත්‍ය චෝදනා නඟන්නේ නම් ඊට එරෙහිව නැගී සිටිමින් කරුණු පැහැදිලි කිරීමට පසුබට නොවන බව ද අවධාරණය ක‍ර සිටියා.

මේ අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ සාධාරණ හා නිදහස් නඩු විභාගයකට මුහුණදීමට තම පක්ෂයේ කිසිදු සාමාජිකයෙකු බියක් හෝ පැකිළීමක් නොදක්වන බවයි.

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

එමෙන්ම ඔවුන් විරෝධය පළ කරන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය නඩු විභාගයකින් පසුව සිරගත කිරීම ගැන නොව, නඩු විභාගයකටත් පෙර හුදෙක් විමර්ශන නිලධාරීන්ගේ තොරතුරු මත පමණක් පදනම්ව ඇයව මෙසේ සිරගත කර තැබීමට එරෙහිව බව වැඩිදුරටත් සාගර කාරියවසම් මහතා පෙන්වා දෙයි.

ලොවම කලඹවමින් තෙල් මිල නැවත සංශෝධනය වේ

ලොවම කලඹවමින් තෙල් මිල නැවත සංශෝධනය වේ

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,