මත්පැන් හලක භයානක වෙඩි තැබීමක්, සිව් දෙනෙක් ජීවිතක්ෂයට
United States of America
Crime
Death
Sinhala news
Breaking News
By Kaushi
අමෙරිකාවේ ඇනකොන්ඩා ප්‍රදේශයේ මත්පැන් හලක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පවසයි.
ඒ අනුව අඳාළ වෙඩිතැබීම සිදුකළ අපරාධකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශවලට හැකිවී නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම වෙඩිතැබීම අද (02) දින එරට වේලාවෙන් පෙරවරු 10:30ට පමණ සිදුව ඇති අතර වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරුවන් වනාන්තර ප්‍රදේශයක සැඟව සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැබුණු තොරතුරක් මත එම ප්‍රදේශය තුළ දැඩි සෝදිසි මෙහෙයුමක් දියත් කර ඇති බවයි.
එසේම එහි තවදුරටත් සඳහන් වන්නේ එරට ආරක්ෂක අංශ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් මෙම සෝදිසි මෙහෙයුම ඉතා සුක්ෂමව සිදුකරමින් පවතින බවයි.
