ලස්සනට වගේම නිරෝගීවත් ඉන්න කැමතියි නම් මේ ටික කරාම ඇති

Healthy Food Recipes Beauty Latest Headlines Sinhala news Life Style
By Kaushi Aug 02, 2025 12:22 PM GMT
Kaushi

Kaushi

Report

මේ ජීවිතේ අපි මොන දේ කරන්නෙත් හිනා වෙලා සතුටින් ඉන්නනේ.

ඉතින් ඒකට කරන්න තියෙන්නේ හොඳම දේ පුළුවන් තරම් නිරෝගීව ඉන්න එක කියලා තමයි අපේ මුතුන් මිත්තෝ හැම වෙලාවෙම විශ්වාස කළේ.

තිලොවටම ගුරු වුණ බුදු හාමුදුරුවෝ පවා ආරෝග්‍යා පරමා ලාභා - නිරෝගීකම උතුම්ම ලාභය කියලා දේශනා කළේ එනිසයි.

බුදු දහමේ වගේම කොයි දහමෙත් අනිවාර්යෙන් රැක ගත යුතු දෙයක් තමයි ජීවිතේ නිරෝගීකම කියන්නේ.

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ඉතින් එහෙම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න එදිනෙදා ජීවිතයේදී සරලවම කරන්න පුළුවන් දේවල් ටිකක් තමයි මේ කියන්න යන්නේ.

1. නාන වෙලාවට කුණු අතුල්ලන්න හොඳම දේ තමයි පියුමික් ස්ටෝන් එක හෝ ලෝෆ් එක. මේ දෙකෙන් එකක් පාවිච්චි කරලා අඩුම තරමෙ සතියකට දෙපාරක්වත් ඇඟම අතුල්ලන්න. මැරුණු සෛල සම්පූර්ණයෙන්ම සිරුරෙන් ඉවත්කරන්න නම් මේ ක්‍රම තමයි සුදුසු වෙන්නෙ.

2. ඒ වගේම තමයි මේකප් කරනවා නම් පැය හතරක් ඇතුළත ඒවා ඉවත් කරන්න වග බලා ගන්න. මේකප් කියන්නේ වැඩි වෙලාවක් මුහුණේ තියාගන්න හොඳ දෙයක් නෙවෙයි. තත්ත්වයෙන් කොච්චර උසස් එකක් වුණත් මේකප් නිසා මුහුණේ ස්වේද ග්‍රන්ථි සිදුරු ආවරණය වන නිසා පුළුවන් තරම් ඉක්මනට ඉවත් කරන්න ඕනේ.

3. ඕනෑම ආලේපනයක් මිලදී ගන්න කලින් කල් ඉකුත් වීමේ දිනය බලන්න. ඔබ පාවිච්චි කරන්න ඕනෙ කල් ඉකුත් වීමේ දිනයට එකට අවුරුදු දෙකක්වත් කල් තියෙන ආලේපන විතරයි.

4. මේදමය ආහාර, බදින ලද ආහාර සහ ස්පයිසි දේවල්වලින් ඉවත් වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ වගේ දේවල්වලින් සිරුරට හොඳක් වෙන්නේ නැහැ. හොඳක් වෙන්නෙ දිවට විතරයි.

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ

5. අස්ථී ශක්තිමත්ව තියා ගන්නත්, නියපොතු ලස්සනට තියා ගන්නත්, හිසකෙස් ලස්සනට තියා ගන්නත් ඕනෙ නම් කජු සහ වියළි පලතුරු වර්ග ආහාරයට ගන්න.

6. ලස්සනට ඉන්න නම් දත් කියන්නෙත් අනිවාරෙන්ම ලස්සනට තියා ගන්න ඕනේ දෙයක්. හොඳ දත් සෙට් එකක් ඕනෙ නම් අනිවාර්යයෙන්ම දවසකට දෙපාරක් දත් මදින්න. ඒ දෙපාරම හොඳ ටූත් පේස්ට් එකක් පාවිච්චි කරන්නත් ඕනෙ. රෑට කන්න කලින් තමයි දත් මදින්න ඕනෙ.

7. දත් බුරුසුව අඩුම තරමෙ මාස දෙකකට වතාවක්වත් වෙනස් කරන්න. වෙනස් කරන්න කියලා කියන්නෙ පරණ එක අයින් කරලා අලුත් එකක් පාවිච්චි කරන්න කියන එකයි.

8. ප්‍රධාන වශයෙන් දෙපාරක් දත් මැද්දට හැම කෑම වේලකටම පස්සෙ අඩු තරමෙ ටූත් පේස්ට් නැතිව හරි දත් ටික මැද ගන්න පුළුවන් නම් හොඳයි. එහෙමත් බැරි නම් හොඳින් කට හෝදලා දත් අස්සෙ තියෙන කෑම ජාති ඉවත් කර ගන්න.

9. කටින් දුගඳ වහනය වෙන්න හේතුව දත්වලට වඩා දිව. ඒ නිසා දත් මදින හැම වෙලාවකම දිව හොඳට මැද ගන්න. සුදු පාටට කාරම් බැඳිලා තියෙනවා නම් ඒවා ඉවත් කර ගන්න. දිව රෝස පාටට තිබුණොත් දුගඳ වහනය අඩුයි.

10. නියපොතු කියලා කියන්නෙ සමහර අයට රස කෑමක්. ඒත් කොච්චර බඩගිනි වුණත් නියපොතු කන්න එපා. බඩේ අමාරු හැදෙනවට අමතරව නියපොතු කෑලි එකතු වෙලා උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හැදෙන්නත් පුළුවන්.

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

11. නියපොතු වැව්වාම ලස්සනයි. ඒත් ඒකෙන් ඔබ යන යන තැන තියෙන කුණු ඔබේ නියපොතුවලින් ගෙදර අරගෙන එනවා. ඒ නිසා කුණු යන්නෙ නැති මට්ටමට නියපොතු කපන්න.

12. කොච්චර යාළු ෆිට් එකක් තිබුණත් කා එක්කවත් ටූත් බ්‍රෂ්, රේසර් වගේ දේවල් ෂෙයා කර ගන්න එපා. සාමාන්‍යයෙන් එකම බෝඩිමේ ඉන්න ගැහැනු ළමයි වගේම විවාහක අඹු සැමියන් ටූත් බ්‍රෂ් හුවමාරු කර ගන්න අවස්ථා තියෙනවා.ඒකෙන් ලෙඩබෝ වෙන්න පුළුවන්.

13. අසනීපයක් වුණාම අපි හැමෝම බෙහෙත් ගන්නවා. ඒත් බෙහෙත් ඉවර වෙනකල් බොන්නෙ නැහැ. අසනීප ගතිය අඩු වුණු ගමන්ම බෙහෙත් බීම නතර කරනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි. ඩොක්ටර් දවස් තුනකට බෙහෙත් දෙනවානම් ලෙඩේ හොඳ වුණත් නැතත් දවස් තුනම බෙහෙත් බොන්න.

14. මේ ලෝකෙ තියෙන හොඳම පානය තමයි වතුර. ඒ නිසා පුළුවන් තරම් වතුර බොන්න. දවසකට ටිකක් ලොකු වතුර වීදුරුවලින් අටක් දහයක් විතර බොන්න පුළුවන් නම් ඒක සිරුර අභ්‍යන්තරයට විතරක් නෙවෙයි බාහිර පෙනුමටත් බෙහෙවින් බලපානවා.

15. එළවළු පලතුරු වර්ග ෆ්‍රිජ් එකේ දවස් පහ හයක් තියාගෙන කන්න එපා. උපරිම දවස් තුනකට වරක් ෆ්‍රිජ් එකේ තියෙන එළවළු පලතුරු වර්ග ඉවත් කරන්න. සමහර පලතුරු වර්ගවලට ඉදෙන්න යොදන රසායනික ද්‍රව්‍ය කල් යෑමේදී සිරුරට අහිතකර වන්නට පුළුවන්.

16. කොච්චර වැඩ තිබුණත් දවසට පැය හයක් හෝ අටක්වත් නිදා ගන්න. හොඳ නින්දක් නොලැබුණොත් වෙන්නෙ මොළයේ සෛලවලට නිසියාකාරව විවේකයක් නොලැබී යෑමයි.

පොලිස් නිලධාරීන්ගේ වැටුපට වෙන්න යන දේ

පොලිස් නිලධාරීන්ගේ වැටුපට වෙන්න යන දේ

17. කොච්චර වැඩ තිබුණත් දිනපතාම මළපහ කිරීම ඉතාම වැදගත්. ගොඩක් අය දවස් දෙකකට තුනකට වරක් තමයි මේ වැඩේ කරන්නෙ. ඒකෙන් වෙන්නෙ සිරුර තුළ අපද්‍රව්‍ය තැන්පත් වී තිබීම. සිරුර ඇතුළතින් පිරිසුදු වෙන්න නම් දිනපතාම මළපහ කරන්න ඕනෙ.

18. හැමදාම උදේට දොඩම් යුෂ වීදුරුවක් බොන්න පුළුවන් නම් සිරුරේ හැඩය පවත්වා ගන්න ප්‍රයෝජනවත් වෙනවා. ‍දොඩම් යුෂ වීදුරුවට පැණි බින්දුවක් එකතු කරනවා නම් තවත් හොඳයි.

19. වයස් භේදයකින් තොර හැමෝම අවුරුද්දකට වරක් වත් ෆුල් බොඩි චෙකප් එකක් කරගන්න. මේක ටිකක් වියදම් යන වැඩක් තමයි. ඒත් ලෙඩක් හැදුණට පස්සෙ හොඳ කරගන්න ලොකු මුදලක් වැය කරනවාට වඩා මේක හොඳයි.

20. දවසකට පැය භාගයක්වත් ඇවිදින්න. හෙමින් දුවන්න. පඩිපෙළක් නඟින බහින ව්‍යායාමය කරන්න. එහෙමත් නැත්නම් සින්දුවක් දාගෙන දාඩිය දානකල්ම නටන්න. කොයි විදියකින් හරි සිරුරෙන් දාඩිය පිට වෙන්නයි ඕනෙ.

මේ ටිප්ස් ටික කරන්න ඔයාට අමුතුවෙන් ලොකු වෙහෙසක් දරන්න ඕනේ වෙන්නේ නැහැ.

හැබැයි ඒ නිසා ඔයාට හිතා ගන්න බැරි තරම් හොඳ සෞඛ්‍ය සම්පන්න ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි.

හිනා වෙලා සතුටින් ඉන්න නම් පුංචි දේවල් ගැන පවා සැලකිලිමත් වෙන්න. 

මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් - පැන්ෂන් කැපුවොත් මරාගෙන මැරෙනවා - නන්දන

මම උපාධිය අත් හැරල තුවක්කුව ගත්ත මිනිහෙක් - පැන්ෂන් කැපුවොත් මරාගෙන මැරෙනවා - නන්දන

ReeCha