දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

Report

අධ්‍යාපන අමාත්‍යාංශය කළ සොයා බැලීමක දී සිසුන් පනස් දෙනකුට අඩු පාසල්වල හතළිස් හතර දහසක් සිසුන් සිටින බව හෙළි වී තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඒ පිළිබඳව කළ විධිමත් සොයා බැලීම අවසන් වීමටත් පෙර එවැනි පාසල් තිස්පහක් වැසී ගොස් තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මේ අතර මෙලෙස වැසී ගොස් තිබෙන්නේ එක් සිසුවෙක් හෝ සිසුන් දෙන්නෙක් සිටින පාසල් වන අතර ඒවායේ සිටි සිසුන් වෙනත් පාසල්වලට ඇතුළත් කිරීමට පළාත් අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.

එසේම ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් සිසුන් පනහට අඩු පාසල් සංඛ්‍යාව විසිපහක් තිබෙන බවයි.

කෙසේ වෙතත් එම වාර්තාවට අනුව 2023 වසරේ එකම ළමයෙක්වත් ඇතුළත් නොවූ පාසල් සංඛ්‍යාව 98ක් වෙයි.

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා

සිසුන් 10ට අඩු පාසල් 115ක් පවතින අතර සිසුන් 20ට අඩු පාසල් සංඛ්‍යාව 406කි.

ඒ අනුව සමස්තයක් ලෙස සිසුන් පනහට අඩු පාසල් සංඛ්‍යාව 1506ක් බව සඳහන්.

මෙසේ පාසල් සම්බන්ධයෙන් විධිමත් වශයෙන් සොයා බැලීමට අමාත්‍යාංශය පියවර ගත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ පිළිබඳ වාර්තාවක් කැඳවීම හේතුවෙන්.

ඒ අනුව අඳාළ වාර්තාව දැනටමත් ජනාධිපතිවරයාට භාර දී තිබෙන අතර සමස්තයක් ලෙස මෙම පාසල්වලට අදාළව පවතින තත්ත්වයද පැහැදිලි කර තිබෙනවා.

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

මාලිමා ඇමති කුමාර ජයකොඩි ධූරයෙන් ඉවතට? මහින්දගෙන් පෝස්ටුවක්

හොඳයි හොඳයි කිව්ව ආණ්ඩුව IMF ටත් තරු පෙන්නලා බලේට ආපු ටිකට රුපියල් බිලියන 1,225ක් අච්චු ගහලා, බිලියන 905කින් ණය වැඩි කරලා - රජිත්

හොඳයි හොඳයි කිව්ව ආණ්ඩුව IMF ටත් තරු පෙන්නලා බලේට ආපු ටිකට රුපියල් බිලියන 1,225ක් අච්චු ගහලා, බිලියන 905කින් ණය වැඩි කරලා - රජිත්