දුරකතන භාවිතා කරන ඔබට සුභ ආරංචියක් මෙන්න

Report

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සඳහන් කරන්නේ, ජාලය මාරු කිරීමේදී දුරකතන අංකය නොවෙනස්ව තබා ගැනීමේ Number Portability (NP) සේවාව 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

විභාග ලකුණු අඩු නිසා සියදිවි නසාගෙන - ගුරුවරයගේ පිඩනේ ඉවසගන්න බැරි වෙලා

විභාග ලකුණු අඩු නිසා සියදිවි නසාගෙන - ගුරුවරයගේ පිඩනේ ඉවසගන්න බැරි වෙලා

එම සභාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, මෙම සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර කිහිපයක් දැනටමත් ගෙන ඇති බවය.

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

අන්තිමේ මහින්ද රාජපක්ෂට ඉන්න ගේත් නැති වුණා?

පළමුව, දුරකථන සන්නිවේදන සමාගම් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු, NP සේවාවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලැස්මක් සකස් කර ඇති අතර, 2021දී මහජන උපදේශන පත්‍රිකාවක්ද ප්‍රකාශයට පත්කර ඇත.

රුසියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටේ - අයෙක් ජීවිතක්ෂයට

රුසියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටේ - අයෙක් ජීවිතක්ෂයට

එමගින් පාර්ශ්වකරුවන්ගේ අදහස් ලබා ගන්නා ලදී. පසුව, විදුලි සංදේශ සමාගම් සමඟ තාක්ෂණික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව, යෝග්‍ය තාක්ෂණික ආකෘතියක් තීරණය කරනු ලැබීය.

එහි පදනම මත ස්ථාවර හා ජංගම දුරකථන සමාගම් එක්ව “Lanka Number Portability Services (Guarantee) Ltd” නමින් සමාගමක් පිහිටුවා ඇත.

මෙම සමාගම වෙත සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය TRCSL විසින් නිකුත් කර ඇති අතර, රීති හා මාර්ගෝපදේශ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියද ලබාගෙන ඇත.

දුරකථන සමාගම්වල ජාල යාවත්කාලීන කිරීම හා Number Portability ක්‍රමය ස්ථාපනය කිරීම අවසන් වූ පසු, මෙම සේවාව මෙහෙයවීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නකි.

සේවාව ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ අවස්ථාවේදී, මහජනතාවට මෙය පිළිබඳව නිල දැනුම්දීමක් සිදුකරන බවත්, TRCSL නිවේදනයේ අවසන් වශයෙන් සඳහන් වේ.