පේරාදෙණිය රෝහලේ නිර්වින්දන ගැහිල්ලක්
Bribery Commission Sri Lanka
Hospitals in Sri Lanka
Law and Order
Sinhala news
By Mithu
පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට නිර්වින්දන යන්ත්‍ර සපයා දීමේදී ඉහළ නිලධාරියකුගේ අනු දැනුම මත අදාළ මාර්ග උපදේශවලට පටහැනිව කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබේ.
තාක්ෂණික කමිටුවේ ඉහළ නිලධාරියකු රජයේ මුදල් වැය කර දැන්වීම් පළකර එක්තරා සමාගමකට පමණක් ගැලපෙන ආකාරයෙන් අදාල ටෙන්ඩරය පිරිනමා ඇති බවට සඳහන් සඳහන් වේ.
මේ නිසා අදාල ටෙන්ඩරයට සහභාගී වී ඇත්තේ සමාගම් දෙකක් පමණයි. එම නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි මිලට යන්ත්‍ර මිලදී ගැනීම සඳහා සිදු කෙරු සැලසුමක් බව මෙහිදී සැක පල කර ඇත.
මේ පිළිබඳව දූෂණ හා අල්ලස් විරෝධී කොමිසම මගින් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකය.
