කුඩුකාරයො හුරතල් කරන්න බෑ - මාස 2කින් ප්‍රශ්නයෙට විසඳුමක් - එරික් ලාල්ට කියාදෙයි

Report

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බලහත්කාරයෙන් හෝ පුනරුත්ථාපනයට යොමු කළහොත්, මාස දෙකක කාලයකින් මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදවා ගත හැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

මහනුවරදී පැවති මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීම පිළිබඳ සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් දැක්වීය.

අමාත්‍ය ලාල් කාන්ත මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් ඇමතූ ඔහු පැවසුවේ,

නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර පාස්කු විමර්ශනයට බාධාවක්ද?

නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර පාස්කු විමර්ශනයට බාධාවක්ද?

“මහනුවර දිස්ත්‍රික්කයේ හමුදා කඳවුරක් තෝරා ගන්න. ආරක්ෂාව සහ ශක්තිය ඔවුන්ට තිබෙනවා. අත්අඩංගුවට ගත් අය කන්දකාඩු වැනි තැන්වලට යැවීමෙන් විසඳුමක් නැහැ. ශක්තිමත් පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමු කළ යුතුයි.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු මාසයකින් නිදහස් වීමට ඉඩ දිය යුතු නැහැ. පුනරුත්ථාපනයට යොමු කිරීමට එකෙක්වත් හොයා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබෙනවා.

“මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සුරතල් කිරීමෙන් මෙය විසඳන්න බැහැ. බලහත්කාරයෙන් හෝ නීතිය යටතේ, අධිකරණ හා සෞඛ්‍ය අමාත්‍යාංශවල සහයෝගයෙන් මෙය කළ යුතුයි. මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීම අවශ්‍ය නැහැ. මුත්‍රා පරීක්ෂාවකින් ධනාත්මක බව තහවුරු වුවහොත් එය ප්‍රමාණවත්. මෙය කඩිනමින් ක්‍රියාත්මක කළහොත්, හොරකම්, සමාජ ප්‍රශ්න ඇතුළු බොහෝ ගැටලු මාස දෙකකින් විසඳගත හැකියි.”

එම ප්‍රවෘත්ති වාර්තාව නැරඹීම සඳහා පිවිසෙන්න…

විශ්ව කර්ම දිව්‍ය පූත්‍රයා වගේ මවන්න බෑලු රට හදන්න කල් යනවලු මාලිමාව දැන් කියන කතාව

විශ්ව කර්ම දිව්‍ය පූත්‍රයා වගේ මවන්න බෑලු රට හදන්න කල් යනවලු මාලිමාව දැන් කියන කතාව

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

ලග්න පලාපල 2025 ජූලි 31 : අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්