කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට
අද (31) අලුයම කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු මිය ගොස් ඇත.
අලුයම 5.15ට පමණ කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා පැවසීය.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු බව වාර්තා වේ. මෙම වෙඩි තැබීම සඳහා ටී-56 ගිනි අවියක් භාවිතා කර ඇති බව පොලිසියේ මූලික විමර්ශනවලින් හෙළි වී ඇත.
කොස්ගොඩ පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ කැස්බෑ මධ්‍යස්ථානයක හිමිකරුවෙකුගේ පුත්‍රයා වන අරුත් මැන්ඩිස් නම් තරුණයා බවයි.