ආරුගම්බේ ඊශ්‍රායල ජාතිකයන් අල්ලගෙන සංචාරකයන්ට කරදර

Report

ඇරුගම්බේ යනු මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රධානතම ගමනාන්තයකි. නමුත් ඊශ්‍රායල ජාතිකයන් ලෙස ලංකාවට පැමිණි සංචාරකයන් නිසා මෙම ප්‍රදේශයට දැඩි ලෙස අවදානමක් එල්ල වී තිබේ.

සංචාරක වීසා මත පැමිණි ඊශ්‍රායල් ජාතිකයින් අරුගම්බේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලකරන බව එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින් පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසන්නේ, සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර කළ විදේශිකයින් රැසකට එරෙහිව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවය.

වාර්තා පිට වාර්තා තබන අද රන් මිල මෙන්න

වාර්තා පිට වාර්තා තබන අද රන් මිල මෙන්න

මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ඊශ්‍රායල් ජාතිකයින්ගෙන් සිදුවන බලපෑම පිළිබඳව අන්තර්ජාතික ඩී.ජේ ශිල්පියෙකු ද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබුණි. මේ චෝදනාව එල්ල වන්නේ මෙරට සංචාරයකට පැමිණි අන්තර්ජාතික DJ ශිල්පියෙක් වූ ටොම් මොනගල්ගෙන්.

ඔහු සඳහන් කරන්නේ, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කළ තමාට ඊශ්‍රායයේ ටෙල්අවිව් අගනුවරට පැමිණියා හා සමාන අත්දැකීමක් ලැබූ බවය.

ආරුගම්බේ ප්‍රදේශය පුරා ඊශ්‍රායල් ජාතිකයින් සිය අණසක පතුරවා ඇති බවට තමාට සිතෙන බව ඔහු මෙහිදී සඳහන් කර තිබේ. 

අපයෝජන සිදුවීමකට මුතුගල සර්ට චෝදනා? ව්‍යාජ වීඩියෝ හදලා- නීතිමය ක්‍රියාමාර්ග ගනීයි

අපයෝජන සිදුවීමකට මුතුගල සර්ට චෝදනා? ව්‍යාජ වීඩියෝ හදලා- නීතිමය ක්‍රියාමාර්ග ගනීයි

ඊට ප්‍රධානම හේතුව වන්නේ, සර්ෆින් ක්‍රීඩාව සඳහා ආරුගම්බේ මුහුදු ප්‍රදේශය වඩාත් යෝග්‍ය වීමයි. එලෙස පැමිණෙන සංචාරකයින්ගෙන් බහුතරය මේ වන විට ඊශ්‍රායල් ජාතිකයින්. ඒ බොහෝ සංචාරක සැපයුම් ඊශ්‍රායල් ජාතිකයින් විසින් සිදුකිරීම හේතුවෙනි.