රුසියානු ප්‍රහාරයෙන් යුක්‍රේනයේ 31ක් මරුට අගනුවර විනාසයි
රුසියාව විසින් සිදුකළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්‍රේනයේ අගනුවර වන කියෙව් නගරය වෙතය.
එහිදී තවත් පුද්ගලයින් 159 දෙනෙකුට තුවාල සිදුවී ඇති බවද වාර්තා වේ.
රුසියාව මෙම දැඩි ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා 300කට අධික ප්‍රමාණයක් සහ මිසයිල 8ක් භාවිතා කර ඇති බවද සඳහන්ය.