මේ විදිහට බිත්තර කෑවොත් ඉවරයි

Report

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මඟින් බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එම සංගමයේ සභාපති පුලින රණසිංහ මහතා විසින් බිත්තර සේදීමෙන් බිත්තර මතුපිට තිබෙන විෂබීජ බිත්තර තුළට ගමන් කිරීමේ හැකියාව පවතින බව පෙන්වා දෙයි.

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

මෙහිදී ඒ පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ පුලින රණසිංහ මහතා සඳහන් කළේ,

"බිත්තර කටුව සම්පූර්ණයෙන්ම ආවරණය වූ එකක් නෙමෙයි. ඉතා සියුම් සිදුරු සහිතව තිබෙන්නේ. මේ නිසා බිත්තර සෝදනවිට ඒ මතුපිට තිබෙන කුණු, දූවිලි සහ සතුන්ගේ අසූචි ජලයේ දියවෙලා බිත්තරය ඇතුළට ගමන්කරන්න පුළුවන්. බිත්තරය ඇතුලේ ප්‍රෝටීන් බහුල මාධ්‍යක් තියෙන්නේ. ඒකට ක්ෂුද්‍ර ජීවීන් වැටුණොත්, කඩිනමින් ඒක වර්ධනය වෙලා විෂ සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

ඒ නිසා බිත්තර සේදුවාට පසු ගබඩාකර තබාගන්න බෑ. බිත්තර පාවිච් කරන අවස්ථාවේ සේදා ගන්න එක නෙමෙයි මේ කියන්නේ. මම හිතන්නේ නෑ සෝදපු බිත්තර වෙළෙඳපොළේ ඇසුරුම්කර තිබෙනවා කියලා. බිත්තර නිෂ්පාදන ක්‍රියාවලියේදීම කුණු, දූවිලි, අසූචි තැවරෙන එක සීමා කරලා හොද තත්ත්ව කළමණාකරන ක්‍රමවේද අනුගමනය කරලා නිෂ්පාදනය කරන බිත්තර තිබෙනවා. ලෝකයේ සාමාන්‍යයෙන් බිත්තර ඇසුම්කරන විට පිරිසිදු කරන්නේ යන්ත්‍රානුසාරයෙන් පිස දැමීම. එහෙම නැතුව සෝදන එක නෙමෙයි " යනුවෙන්.  

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..

චතූ රාජපක්ෂ සමලිංගික පෙම්වතියක්..ද? අහපු ඇයට ඇය දුන්න සංවේදී පිළිතුර, ඇත්තටම අපි දෙන්නා..