පුදුම මිනිස්සු තමයි, ප්ලේන් එකේදී බයට කෑගැහුවා කියලා පැනලා කම්මුලට ගහලා, වීරයා වෙන්න ගියාට හොඳ වැඩේ[VIDEO]

Report

ඉන්දියාවේ මුම්බායි සිට කොල්කටා බලා පියාසර කරමින් තිබූ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් යානයකදී හදිසි භීතිකා තත්ත්වයකින් (panic attack) පෙළුණු මගියෙක්ට තවත් මගියෙක් විසින් කම්මුල් පහරක් එල්ල කරන අයුරු කැමරාවක සටහන් වී ඇති බව වාර්තා වේ.

අඳාළ සිදුවීමේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වීමත් සමඟ ඉන්ඩිගෝ ගුවන් සමාගම එම සිදුවීම හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ විදිහට බිත්තර කෑවොත් ඉවරයි

මේ විදිහට බිත්තර කෑවොත් ඉවරයි

අඳාළ වීඩියෝවට අනුව භීතිකා තත්ත්වයට පත්ව සිටි මගියාට ගුවන් සේවිකාවන් විසින් සහය දක්වමින් සිට ඇත.

එහෙත් අනෙක් මගියා විසින් කිසිදු හේතුවකින් තොරව හදිසියේම මෙම පහරදීම සිදුකරන අයුරු දැක්වේ.

එහිදී තවත් මගියෙකු පහරදුන් පුද්ගලයාගෙන් ඒ මන්දැයි දිගින් දිගටම ප්‍රශ්න කරන හඬක්ද ඇසෙන අතර ඊට පිළිතුරු වශයෙන් “මට ප්‍රශ්නයක් තිබුණා” යැයි ඔහු කියා තිබෙනවා.

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

දිවයිනේ පාසල් ගැන තිත්ත ඇත්තක්

කෙසේ වෙතත් ඉන්ඩිගෝ ගුවන් සමාගම තම නිවේදනයෙන් එවැනි අශෝභන හැසිරීම් කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට සහ ගෞරවයට හානි පමුණුවන ඕනෑම ක්‍රියාවක් දැඩිව හෙළා දකින බවත් සඳහන් කර ඇත.

එසේම තම කාර්ය මණ්ඩලය ස්ථාපිත සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිවලට අනුව ක්‍රියා කළ බවද ගුවන් සමාගම පෙන්වා දෙයි.

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

අද ලග්න පලාපල – 2025 අගෝස්තු 02 | ලග්න කිහිපයක් විමසිලිමත් නොවුනොත් දැඩි හානි

මේ අතර එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වූයේ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා කලහකාරී මගියෙකු වශයෙන් හඳුනාගෙන, ගුවන් යානය ගොඩබෑමෙන් පසු ආරක්ෂක අංශ වෙත භාරදුන් බවත්, පවතින ක්‍රමවේදයට අනුකූලව අදාළ සියලුම නියාමන ආයතන මේ වන විටත් දැනුවත් කර ඇති බවයි. 

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්

ගාමන්ට් යන අයට විශේෂ නිවේදනයක්