ලොව විශාලතම පතලේ භූමිකම්පාවක්

Report

චිලියේ සිදුවූ රික්ටර් මාපකයේ 4.2ක භූ චලනයක් හේතුවෙන් ලෝකයේ විශාලතම පතල ලෙස සැලකෙන එල් ටෙනියෙන්ටේ පතලේ කොටසක් කඩා වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම අනතුරින් පතලේ කැනීම් කටයුතු නිරතවූ සේවකයෙකු මිය ගොස්, තවත් පස් දෙනෙකු සිරවී සිටින බවටද වාර්තා වෙයි.

මේ වනවිට 100කට ආසන්න ගලවාගැනීමේ කණ්ඩායමක් සක්‍රියව මෙහෙයුම් යොදවා ඇත.

චිලියේ පතල් අමාත්‍යවරිය වන ඕරෝරා විලියම්ස් සඳහන් කළේ, 1900 ගණන්වල මුල් භාගයේ සිට ක්‍රියාත්මක වූ, සහ කි.මී. 4,500ක භූගත උමං පද්ධතියක් සහිත මෙම පතලේ සියලු කටයුතු තාවකාලිකව නතර කර ඇති බවයි.

රුසියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටේ - අයෙක් ජීවිතක්ෂයට

රුසියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටේ - අයෙක් ජීවිතක්ෂයට

පසුගිය වසරේදී එල් ටෙනියෙන්ටේ පතලෙන් තඹ ටොන් 356,000ක් නිෂ්පාදනය කර තිබූ අතර, චිලී වසර 2024 දී ලෝකයේ ගෝලීය තඹ සැපයුමෙන් 5.3 මිලියන ටොන් අතරින් සියයට 25ක ආසන්න ප්‍රමාණයක් සපයමින් ලොව විශාලතම තඹ නිෂ්පාදකයා බවට පත්වී ඇත.

විභාග ලකුණු අඩු නිසා සියදිවි නසාගෙන - ගුරුවරයගේ පිඩනේ ඉවසගන්න බැරි වෙලා

විභාග ලකුණු අඩු නිසා සියදිවි නසාගෙන - ගුරුවරයගේ පිඩනේ ඉවසගන්න බැරි වෙලා

චිලී ජාතික භූ විද්‍යා හා පතල් සේවයේ දත්ත අනුව, 2023 වසරේදී එරට පතල් කර්මාන්තයේ මරණ අනුපාතය 0.02%ක් පමණ වූ අතර එය ලෝකයේ ආරක්ෂිතම කර්මාන්ත ප්‍රදේශයක් ලෙස සැලකේ.