රෝහිතගේ දුවම ගිහින් පොලීසියට භාරවෙලා[VIDEO]
අද (30) දින උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී ඇති බව වාර්තා වේ.
ඒ, ආන්දෝලනාත්මක ජීප් රථ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට සම්බන්ධවයි.
ඒ අනුව ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට මාස 4කට පමණ ඉහත සිට විමර්ශනයක් ආරම්භ කර තිබූ බව සඳහන්.
එහිදී ඉකුත් (19) වනදා පස්වරුවේ අඳාළ රථය මතුගම නගරයේ ධාවනය කරමින් ඇති බවට ලැබුණු තොරතුරක් මත එම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය එම ජීප් රථය සමග එය පැදවූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන රසික විතාන මහතායි.
එසේම ඔහු දැනටමත් ඇප මත මුදාහැර ඇත. එම ජීප් රථය පිළිබඳව සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වී තිබුණේ එය නීතිවිරෝධී අයුරින් ලංකාවට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබෙන බවයි.
ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යම් අයෙක්ගේ සහාය ලැබී ඇති බවට පොලිසිය සැක පළ කරයි.
එසේම විමර්ශනවලදී හෙළි වූයේ ජගත් විතාන මහතාට අයත් පෞද්ගලික සමාගමක නමින් දෙවනවරට ලියාපදිංචි කර ඇති මෙම ජීප් රථය ඔහුගේ ප්‍රත්‍රයා භාවිත කර ඇති බවයි.

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් රසික විතාන මහතාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කියා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනගෙන් තමා අදාළ ජීප් රථය මිලදී ගත් බවයි.

මගේ ජීවිතේ වෙන්න ඕන ඔක්කොම මට වුණා බනින හැමෝටම මම මෙතනින් යද්දී උත්තරයක් දීලා යන්නම් චන්දිමාල් සංවේදී වෙයි
