මාරක අනතුරක් පාසල් සිසුවෙකුට දිවි අහිමි වෙයි
By Kanchana
බණ්ඩාරගම පොලිස් වසමේ පානදුර - හොරණ මාර්ගයේ කොතලාවල හන්දිය අසලදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ප්‍රවේශ වීමට ගිය යතුරුපැදියක් හොරණ දෙසට ධාවනය වූ බස් රථයක ගැටී මාරක අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 17ක් වූ යටියන, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
තවද මියගිය සිසුවාගේ මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මෙම අනතුර සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
