වැලිගමදී ලසන්තට වෙඩි තියලා ඝාතකයන් දුවලා තියෙන තැන - ආපු ගියපු හැටිත් එක්ක ආයුධ ගෙනාපු විස්තරත් එළියට [PHOTOS]

Report

ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකරට වෙඩි තැබූ වෙඩික්කරුවන් මාතර දෙසට ගමන් කර ඇති බවට තොරතුරු හෙළි වේ.

ඒ අනුව විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේ සිද්ධියට අදාළව ප්‍රාදේශීය සභා සේවකයින් රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙන බවයි.

එසේම මේ වනවිටත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇත.

ඊයේ (22) දින පෙරවරුවේ සිය නිල කාර්යාලය තුළ දී නාඳුනන තුවක්කුරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

වැලිගම ප්‍රා.ස. සභාපතිගේ මිනීමරුවන් සොයා යද්දි තවත් විස්තර එළියට - මහමොළකරු ගැනත් සැකයක්

වැලිගම ප්‍රා.ස. සභාපතිගේ මිනීමරුවන් සොයා යද්දි තවත් විස්තර එළියට - මහමොළකරු ගැනත් සැකයක්

මෙම වෙඩි තැබීමේ සිද්ධියට යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ තිබෙන අතර ඉන් එක් අයෙක් සභාපතිවරයාගේ නිල කාමරයට ඇතුළු වී ඇත්තේ ෆයිල් කවරයක් ද රැගෙන බව සඳහන්.

ඊයේ දින ප්‍රාදේශීය සභාවේ මහජන දිනයක් වූ බැවින් සභාපතිවරයා සිය නිල අසුනේ රාජකාරිවල නිරතව සිට ඇති අතර ඔහු හමුවීමට තවත් කිහිපදෙනෙකු ද එම අවස්ථාව වනවිටත් පැමිණ ඇත.

සී.සී.ටී.වී. දර්ශනවල ද සටහන් වන ආකාරයට වෙඩික්කරු සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් සුදු පැහැති කමිසයකින් සැරසී කළු පැහැති මුඛ ආවරණයක් පැළද වැලිගම ප්‍රාදේශීය සභාවට පැමිණ සිටියා.

බල පුටුව උඩදිම පණ ඇද්ද ලසන්ත මිනී වළ කපන් තියෙන්නේ අද ඊයේ නෙවේ - පැටිකිරිය එළිවෙයි

බල පුටුව උඩදිම පණ ඇද්ද ලසන්ත මිනී වළ කපන් තියෙන්නේ අද ඊයේ නෙවේ - පැටිකිරිය එළිවෙයි

විමර්ශනවලදී හෙළිව ඇත්තේ ඔහු වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවිය අදාළ ලිපි ගොනුව තුළ සඟවා රැගෙනවිත් ඇති බවයි.

එසේම පොලීසිය සඳහන් කළේ කාන්තාවක් සභාපති ලසන්ත වික්‍රමසේකරගේ නිල කාමරයට ගොස් ඔහුගෙන් ලිපියක් අත්සන් කරගෙන පිටතට ඒමේදී වෙඩික්කරු එකවරම නිල කාමරයට ඇතුළු වී මෙසේ වෙඩි තබා ඇති බවයි.

ජීවිතක්ෂයට පත් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර 38 හැවිරිදි තුන්දරු පියෙක් වේ.

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න

GalleryGalleryGallery