වයස අවුරුදු 25ට වැඩි ද? - මෙන්න භයානක හෙළිදරව්වක්
සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ වයස අවුරුදු 25ට වැඩි සෑම සිව්දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිත කාලය තුළ ආඝාත රෝගී තත්ත්වයක් ඇති වීමට ප්‍රවණතාවයක් ඇති බවයි.
ස්නායූ විශේෂඥ වෛද්‍ය සුරංගි සෝමරත්න මහත්මිය විසින් ලබන 29 වන දිනට යෙදී ඇති ලෝක ආඝාත දින සැමරුම් උත්සවයකට සමගාමීව පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කර තිබේ.
එතුමිය තව දුරටත් සදහන් කළේ ආඝාත රෝගීන්ගෙන් 30%ක් පමණ අවුරුදු 20ත් 60ත් අතර වයසේ පසුවන අය බවයි.
එවගේම මෙම ආඝාත රෝගී තත්ත්වය වැළඳීම පාලනය කිරිම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තව දුරටත් විශේෂඥ වෛද්‍යවරිය කරුණු පැහැදිළි කළාය.
ඔබත් එම වයසේ පසුවන කෙනෙක්නම් සැළකිලිමත්ව සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපදීමට කටයුතු කළ යුතුයි. නැතහොත් ආඝාත තත්වයෙන් ඔබටත් පීඩා විදින්නට සිදු වේවි.