ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතකයන් හසුවේ

Report

 ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරයේ සිටි සැකකරුවන් දෙදෙනා අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වුණු හඳුනාගැනීමේ පෙරට්ටුවකදී, සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි සපයන පුද්ගලයන් මඟින් පැහැදිලිව හඳුනාගෙන ඇත.

මෙම පෙරෙට්ටුව අද පැවැත්වුනේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හෂර්ණ කැකුණවලගේ නියෝගයකට අනුවයි.

එහිදී සාක්ෂිකරුවන් තිදෙනෙකු විසින් මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගත් බව අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

සිසුවිය දුෂණය කළ ගුරුවරයා මාලිමාවේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

සිසුවිය දුෂණය කළ ගුරුවරයා මාලිමාවේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

හදුනාගැනීමේ පෙරට්ටුවෙන් පසුව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ විමර්ෂණය වැරදි පාරක යන බවයි.

වැඩිදුරටත් ඔහු පවසා සිටියේ අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාම මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවත්ය.

මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් දෙදෙනෙකු දෙවන සැකකරුගේ ඥාතීන් බව සඳහන් කළ නීතිඥවරයා සැකකරුවෝ හොඳින් හඳුනන ඥාතීන් දෙදෙනෙකු ඔහු හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බව නීතිඥවරයා පවසයි.

නමුත් විමර්ෂණය කරන බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරියා අධිකරණයේ සඳහන් කළේ, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ සීසීටීවී දර්ශණ වලින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

"මට නැතිවෙන්න දේවල් නැහැ. තව ගහනවා... පුළුවන් නම් නවත්තපන්" - ඇවිලෙන පාතාලය

"මට නැතිවෙන්න දේවල් නැහැ. තව ගහනවා... පුළුවන් නම් නවත්තපන්" - ඇවිලෙන පාතාලය

ඝාතන සිද්ධියට සම්බන්ධ විමර්ෂණ තවදුරටත් සිදු කෙරෙන බවත් එම නිලධාරියා සඳහන් කර සිටියා. ඉන් අනතුරුව අදාල සැකකරුවන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම කර ඇත.