සිසුවිය දුෂණය කළ ගුරුවරයා මාලිමාවේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

Sri Lanka Police Colombo Child Abuse National People's Power - NPP Sinhala news
By Ashfa May 09, 2025 06:07 AM GMT
Ashfa

Ashfa

Report

පාසලක් තුළදී ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන සිසුවියක සියදිවි නසා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ නාරායන පිල්ලෙයි සිවනන්දරාජ් ගුරුවරයාට අධ්‍යාපන අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා (මැයි 08) ස්ථාන මාරුවක් ලබා දී ඇත.එකී ගුරුවරයා ජාතික ජන බලවේගය යටතේ පසුගිය මහමැතිවරණයේ අංක 9 යටතේ තරග කළ කොළඹ අපේක්ෂකයෙකුද විය.

කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි අම්ෂිකා අප්‍රේල් මස 29 වන දා කොළඹ, කොටහේන ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයකින් බිමට පැන සියදිවි නසා ගෙන තිබූ බව වාර්තා විය.

ෆේස්බුක් එකෙන් ආදරේ කරන්නේ බලාගෙන

ෆේස්බුක් එකෙන් ආදරේ කරන්නේ බලාගෙන

එලෙස සියදිවි නසා ගත් දැරිය ලිංගිකව අපයෝජනය කළ බවට චෝදනා එල්ල වූ ගුරුවරයාට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එම පාසල ඉදිරිපිට ඊයේ දිනයේදී (මැයි 8)විරෝධතාවක් ද පැවැත්විණි.

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)

කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි පාසලේ චෝදනාවට ලක්වූ ගුරුවරයාට අධ්‍යාපන අමාත්‍යාංශය ස්ථාන මාරුවීමක් දුන් බව වාර්තා වෙයි.

එම සිසුවිය අපයෝජනය වීමේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපනය අමාත්‍යාංශය අවධානය යොමු කර ඇති බව ද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඒ අනුව, අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසීමටත්, සිද්ධියට අදාළ ගුරුවරයා වහා ම ස්ථාන මාරු කිරීමටත් කටයුතු කරන බවට අමාත්‍යාංශය යොමුකළ නිවේදනයේ සදහන් වෙයි.

මේ වන විට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති අතර, වාර්තාව ලද වහා ම විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් කළ විමසීමේදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි පාසලක ඉගෙනුම ලැබූ සිසුවියක් ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ සේවය කළ ගුරුවරයෙකු පසුගිය ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව ය.

එලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකාර ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. එම ගුරුවරයා අධිකරණය හමුවට මෝසමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබා පිටව ගොස් ඇති අතර එම නඩුව නැවත කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම මස 19 වන දා කැඳවීමට නියමිතව ඇත.

සියදිවි හානිකර ගත් මෙම පාසල් දැරිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේ ය.

එහිදී අමාත්‍ය සාවිත්‍රි පෝල්රාජ් සහ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවෙමින් පවතින බව සහ අධිකරණය හමුවේ ද පොලිසිය වාර්තාවක් මගින් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇති බව ය.

මෙහිදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා කරුණු දක්වමින් කියා සිටියේ, මෙම දැරිය සියදිවි හානි කර ගනු ලැබුවේ ඇය අධ්‍යාපනය ලැබීමට ගිය උපකාරක පන්තියේ හිමිකරු ඇයට අවමන් කිරීමේ සිද්ධියෙන් අනතුරුව බව ය.

"බොහෝ ළමා දූෂකයන් පවුලේ ඥාතීන් හෝ හිතවතුන්" ''මේක සිදුවීම් දෙකක්.

පළමු සිද්ධිය දකුණු කොළඹ පාසලේ සිදුවීම. ඒකෙන් පස්සේ මේ දරුවා කවුන්සලිං ගියා.

පස්සේ මේ ළමයා 07 වෙනි තට්ටුවෙන් පැනලා මිය ගියා.

ඒකට හේතු වුණේ ටියුෂන් ගියපු පන්තියේ අයිතිකරු වගේ ම ගුරුවරයා මේ ළමයාට අනිත් ළමයින් ඉදිරියේ බැනලා තියෙනවා, අවමන් කරලා තියෙනවා. ඒක ගැන හොයලා බලන්න.

පළමු සිදුවීම වෙන යි.

ඒක ගැන යි මේ පොලිස් වාර්තාව තියෙන්නේ, නමුත් දෙවැනි සිදුවීම ගැනත් හොයලා බලන්න.

''මේ ළමයාට දොස් පවරලා තියෙන්නේ ජාතික ජන බලවේගය පක්ෂයේ උතුරු කොළඹ සංවිධායකවරයා තමයි මේකේ අයිතිකරු.

ඒක ගැන හොයලා බලන්න,'' මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා පැවසුවේ ය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂාව පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කියා සිටියේ එම සිදුවීම සම්බන්ධයෙන් ද බම්බලපිටිය පොලිසිය නීතිමය කටයුතු අරඹා ඇති බව ය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් බ්‍රහස්පතින්දා (මැයි 08) මාධ්‍ය හමුවකදී පැවසුවේ, බම්බලපිටිය විදුහලකදී ගුරුවරයෙකුගේ අතින් ලිංගික අපයෝජනයට ලක්ව මිය ගිය පාසැල් දැරිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව ය.

ඒ සම්බන්ධයෙන් එම නිලධාරීන් ලැජ්ජාවට පත්විය යුතු බව ද ඔහු අවධාරණය කළේ ය.

එමෙන් ම, මෙම දැරිය පාසැලේදී ඇතැම් ගුරුවරුන් ගුරුවරියන් විසින් පීඩාවට පත්කර ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මක විය යුතු බවත් ජෝසෆ් ස්ටාලින් එහිදී පැවසීය.

''මේ සිදුවීම වෙලා තියෙන්න ඉකුත් ඔක්තෝබර් මාසයේ 23 වන දා. එදා ඉඳන් අද වෙනකම් ම අධ්‍යාපන අමාත්‍යාංශය කිසි ම ක්‍රියාමාර්ගයක් අරන් නැහැ.

පාසලකදී දරුවෙක් ලිංගික අපයෝජනයට ලක්වුණා නම් ඒ ගැන කටයුතු කරන්න ඕන අධ්‍යාපන අමාත්‍යාංශය.

නමුත් අමාත්‍යාංශයේ නිලධාරීන් කියන්නේ මේ ගැන දන්නේ නැහැ කියලා.

''මේ සිදුවීමට මුහුණ දුන්න දැරිය ගණිත විද්‍යාගාරය තුළදී තමන් මුහුණ දුන්න සිදුවීම ගැන ලියුමක ඇඳලා තියෙනවා. ඉතින් තවත් සාක්ෂි ඕනෙ ද?'' ''අම්මා ගිහිල්ලා මේ සිදුවීම ගැන අදාළ පාසැලේ විදුහල්පතිවරියට පැහැදිලිව ම කියලා තියෙනවා.

"ඒ කියලා ආවට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කිරීමේ වගකීම තියෙන්නේ විදුහල්පතිවරියට යි.'' '

'මේක මේ වාර්තා වෙච්ච එක සිද්ධියක් විතර යි, මේ වගේ වාර්තා නොවුණු සිදුවීම් කීයක් තියෙනවා ඇත් ද?

"දිගින් දිගට ම පාසල් දැරියන්ට මේ වගේ සිදුවීම් වෙනවා. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයට කිසි ම වැඩපිළිවෙළක් නැහැ.''

''ජනාධිපතිවරයාට අපි කියන්නේ ලක්ෂ 43ක් පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න කියල යි.

"මේ සියලු දේ වෙන්නේ මේකට මුහුණු දුන්න දරුවා තමන්ගේ ජීවිතය පුදකරල යි.''

''නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය කරලා තියෙන්නේ මේ සිදුවීමට සම්බන්ධ ගුරුවරයා පුත්තලමේ සහීරා පාසලට මාරු කරලා යවලා විදුහල්පතිනියගෙන් නිදහසට කරුණු විමසන එක විතර යි.

"ඇත්තට ම අධ්‍යාපන අමාත්‍යාංශය ලැජ්ජා වෙන්න ඕන මේ කරලා තියෙන දේවල් ගැන.''

''මේ දැරිය දිගින් දිගට ම එයාගේ දෙමව්පියන්ට කියලා තිබුණේ මේ ගුරුවරයා ඉන්න තැන මට ඉන්න බැහැ කියලා. මේ සිදුවීමට මුහුණ දුන්න දරුවාව පීඩාවට පත්කරපු සියලු ම ගුරුවරු ගුරුවරියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියලා ගුරු සංගමයක් හැටියට අපි කියා සිටිනවා.'

''මේ සිදුවීමෙන් දින කිහිපයකට පස්සේ ගුරුවරයාව අත්අඩංගුවට අරන් ඇප මත නිදහස් කරලා තියෙනවා. එහෙම අත්අඩංගුවට අර ගත්ත පුද්ගලයා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය යටතේ ගන්න ඕන ක්‍රියාමාර්ග අරන් නැහැ.''

මව ඉදිරිපිටම දියණියට කරන්න ගිය අපරාධය (PHOTO)

මව ඉදිරිපිටම දියණියට කරන්න ගිය අපරාධය (PHOTO)

''මේ සිදුවීම ගැන මුලින් ම පොලිසියට දැනුම් දීලා තියෙන්නේ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා යි. ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියනවා මේ ගැන පැමිණිල්ලක් නැහැ කියලා. ඇත්තට ම ළමා ආරක්ෂක අධිකාරියත් ලැජ්ජා වෙන්න ඕන.''

''ඒ වගේ ම මේ දරුවා ඉගෙන ගන්න ගියපු උපකාරක පන්තියේ ගුරුවරයා අනිත් ළමයි ඉස්සරහා මේ දරුවාව නැගිට්ටවලා අහලා තියෙනවා 'ඔයාට පොලිස් කේස් එකක් තියෙනවා' නේද කියලා."

මේ පුද්ගලයා මාලිමාවෙන් මහ මැතිවරණයට තරග කරපු කෙනෙක්. ඒ කෙනාට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියලා අපි ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයාට අද තිබ්බ රැස්වීමේදී කිව්වා,'' ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

GalleryGalleryGalleryGalleryGallery
ReeCha