"මට නැතිවෙන්න දේවල් නැහැ. තව ගහනවා... පුළුවන් නම් නවත්තපන්" - ඇවිලෙන පාතාලය

Report

  "උඹලා හිතුවේ කොස්මල්ලි එක්ක තියෙන සම්බන්ධ අපි දන්නෙ නැහැ කියලද... දැන් කොස්මල්ලිට කියපන් මල්ලිව ගෙනත් දෙන්න කියලා. මට නැතිවෙන්න දේවල් නැහැ. තව ගහනවා... පුළුවන් නම් නවත්තපන්" මියගිය ප්‍රවීන් නිසංකගේ සහෝදරියකට එවූ වස්අප් පණිවුඩයක් මෙලෙස සටහන් විය.

ගල්කිස්ස, බඩෝවිට, දෙහිවල, ඕබන් වැනි ප්‍රදේශවල වාර්තා වන වෙඩි තැබීම් සහ මිනිස් ඝාතන බොහෝමයක්, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත “බඩෝවිට අසංක” සහ “කොස්මල්ලි” නමැති පාතාල නායකයන්ගේ පාර්ශ්ව දෙක අතර ඇති ආරවුලක් නිසා සිදුවී ඇති බව පොලිස් විමර්ශන මගින් හෙළි වී ඇත.

ආරවුලට සම්බන්ධව මෙතෙක් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉතා සංවේදී අයුරින් 19 හැවිරිදි ප්‍රවීන් නිසංක නම් නගර සභා සේවකයෙකු වෙඩි තබා ඝාතනය කළ අයුරු සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී තිබේ.

සිසුවිය දුෂණය කළ ගුරුවරයා ජාතික ජන බලවේගයේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

සිසුවිය දුෂණය කළ ගුරුවරයා ජාතික ජන බලවේගයේ කෙනෙක්ලු - ගුරුවරයාට තවත් කාන්තා පාසලකට මාරුවීමක් (PHOTO)

ඔහුගේ මවට තිබූ පාතාල සම්බන්ධතාවය හේතුවෙන් පළිගැනීමක් ලෙස ඔහු මරා දමා ඇතැයි සැක කෙරේ. ඊට අමතරව, “ටිකිරා” නමැති තවත් පුද්ගලයෙකු ද බඩෝවිට අසංක පාර්ශ්වයෙකුට සමීපයෙකු ලෙස හැඳින්වෙයි.

ඔහුට එල්ල වූ ප්‍රහාරයද මෙම ගැටුමේ දිගුවක් ලෙස සැළකේ. පවතින තත්ත්වය හේතුවෙන් ප්‍රදේශවල ජනතාව බිය හා අවදානමකින් ජීවත් වන අතර, පොලීසිය තවත් ප්‍රහාර වලක් වළක්වා ගැනීම සඳහා විශේෂ විමර්ශන ක්‍රියාමාර්ග ගනී.

දැනට පොලිසිය සැක කරන්නේ කොස්මල්ලි සහ බඩෝවිට අසංක පාර්ශ්වය අතර ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මොහු මරා දමා ඇති වුවකි.

ඒ බව වඩාත් තහවුරු වන්නේ ප්‍රවීන් නිසංකගේ ඝාතනයෙන් පසු ඔහුගේ සහෝදරියකට එවූ වස්අප් පණිවුඩයක් හේතුවෙනි.

එම පණිවුඩයෙන් පවසා ඇත්තේ මෙවැන්නකි.

"උඹලා හිතුවේ කොස්මල්ලි එක්ක තියෙන සම්බන්ධ අපි දන්නෙ නැහැ කියලද... දැන් කොස්මල්ලිට කියපන් මල්ලිව ගෙනත් දෙන්න කියලා. මට නැතිවෙන්න දේවල් නැහැ. තව ගහනවා... පුළුවන් නම් නවත්තපන්" මෙම වස්අප් පණිවුඩය එවා ඇත්තේ බඩෝවිට අසංකගේ පාර්ශ්වයේ අයකු බව පොලිසිය සැක කරයි.

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)

ඒ අනුව මෙම ඝාතන සියල්ලම කොස්මල්ලි සහ බඩෝවිට අසංක පාර්ශ්ව දෙක අතර ඇතිව තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් නිසා සිදුවූවක් බව විමර්ශන නිලධාහු විශ්වාස කරන අතර මෙම ඝාතනවලට එකට එක කිරීමක් ලෙස ඉදිරියේදී කොතැනකදී තවත් වෙඩි තැබීමක් හෝ මිනිස් ඝාතනයක් සිදුවෙතැයි සැක පළ කරන නිලධාරීහු එය වළකා ගැනීම සඳහා පියවර ගනිමින් සිටිති.