පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 16 වැනිදා හම්බන්තොට මහාධිකරණයට ඉදිරිපත් කරන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළඹෙන නොවැම්බර් 16 වැනිදා හම්බන්තොට මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග කර තිබේ.
අදාළ නඩුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව, අදාළ නඩු කටයුත්ත සඳහා මන්ත්‍රීවරයා නියමිත දිනට හම්බන්තොට මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරිවරයා වෙත වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.